ලබන නොවැම්බර් හය වැනිදා පැවැත් වීමට නියමිත ඇමෙරිකානු ජනපතිවරණය ගැන ඇමෙරිකානුවන්ට වඩා පාකිස්තාන සහ ඇෆ්ගන් වැසියන් උනන්දු වන බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති. එම උනන්දුව හට ගෙන ඇත්තේ ජනපතිවරණයට ඉදිරිපත් ව සිටින වත්මන් ජනපති ඩිමොක‍්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමා සහ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නිගේ විදෙස් ප‍්‍රතිපත්ති නිසාය. ඔබාමා සහ රොම්නිගේ අවසන් රූපවාහිනී විවාදය පසුගිය 22 වැනිදා පැවැත්වුණු අතර එහිදී ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සම්බන්ධයෙන් ඔබාමාත් රොම්නිත් එකම ස්ථාවරයක සිටින බව පැහැදිලි විය. ඇමෙරිකාවේ මීළඟ ජනපති ලෙස ඔබාමා හෝ රොම්නි හෝ ගන්නා තීරණ ඇෆ්ගනිස්තායට සහ පාකිස්තානයට අතිශයින් වැදගත් වේ. 22 වැනිදා පැවැති එම රූපවාහිනී විවාදයෙන් ඉදිරියට පැමිණීමට ඔබාමා සමත් වුව ද තවමත් රොම්නි සහ ඔබාමා අතර පවතින්නේ කරට කර සටනකි. වසර 12 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ඇෆ්ගන් යුද්ධය 2014 වසරේදී අවසන් කර ඇමෙරිකා සෙබළුන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි ඔබාමා පැවැසූ අවස්ථාවේදී රොම්නි එය අනුමත කළේය. ඇමෙරිකානු හමුදා පිටව ගියවිට රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වනු ඇතැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ රජය බිය පළ කරයි. කර්සායිගේ රජය ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල මූල්‍ය ආධාර මත යැපෙන්නකි. ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැඹුණේ ඔබාමාට පෙර ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපති ධුරයේ සිටිද්දීය. ප‍්‍රථම කළු ජාතික, මුස්ලිම් සම්භවයක් ඇති, ජනපතිවරයා ලෙස ඔබාමා 2008 වසරේ ජනපති ධුරයට පත් වෙද්දී බොහෝ දෙනා විශ්වාස කළේ ඇමෙරිකාව සම්බන්ධ වූ ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් වේවි කියාය. එහෙත් එය එසේ නොවුණු අතර ජනපති ඔබාමා අමතර හමුදා සෙබළුන් 30,000 ක් ඇෆ්ගනිස්තානයට යැවීය. ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී අල් කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කිරීමට ඔබාමාගේ පරිපාලනය සමත් වීම ඔබාමා ලැබූ විශාල ජයග‍්‍රහණයක් විය. ලබන ජනපතිවරණයේ දී ද ඔහුට එය වාසියක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශවල, ඇමෙරිකා හමුදාවලට යා නොහැකි ස්ථානවල නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කෙරෙන ප‍්‍රහාර තව තවත් වැඩි කළ යුතු යැයි ඔබාමා පැවැසූ අවස්ථාවේදී ද රොම්නි ඊට එකඟ වූයේය. පාකිස්තානයත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් පළුදුවී ඇති අතර මීළඟට ජනපති ධුරයට පත්වන ඔබාමා හෝ රොම්නි එම සබඳතා ශක්තිමත් කර ගැනීමට කඩිණමින් කි‍්‍රයා කළ යුතු යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයි හොඳයිකම් බිඳ වැටුණේ ඉකුත් වසරේය. ඊට හේතු වූයේ ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවා නිලධාරියකුගේ වෙඩි පහරින් ලාහෝර් නුවරදී පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වීම, ජනපති ඔබාමාගේ රජය, ඇමෙරිකා හමුදාව සහ සී.අයි.ඒ. ඔත්තු සේවාව එක් වී පාකිස්තාන රජයට නොදන්වා අල් කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කිරීම සහ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ඇමෙරිකානු හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනෙකු මියයෑම යන සිද්ධීන්ය.
2025 ඔක්තෝබර් මස 08
1823
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකානුවන්ට වඩා පාකිස්තාන - ඇෆ්ගන් වැසියෝ උනන්දුවෙන්
සදුනි Friday, 26 October 2012 09:49 PM
නයින් පොළොගුන් දෙන්නම විෂය.... (නි)