IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකනුවන්ට ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර, ඇමෙරිකන් තානාපති කාර්යාලය, පාකිස්තානයේ රැඳී සිටින ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඇමෙරිකානුවන් බොහෝ දෙනකු නවාතැන් ගන්නා සහ නිතර ගැවසෙන ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සුඛෝපබෝගී ‘මැරියට්’ හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි.

නත්තල් නිවාඩු දින කීපයේ ‘මැරියට්’ හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත්, ත්‍රස්තයන්ගේ ඉලක්කය වනු ඇත්තේ හෝටලයේ සිටින ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයන් බවත් තානාපති කාර්යාලය අනතුරු අඟවමින් පවසා තිබුණි. නත්තල් සමයේ පාකිස්තානයේ සිටින විදේශිකයන් එක් රොක් වී විනෝද වන්නේ ‘මැරියට්’ හෝටලයේය.

ඇමෙරිකන් බුද්ධි අංශ සහ රජය, ඔවුන්ගේ තානාපති කාර්යාලය හරහා අනතුරු ඇඟවීම කළේ ඔවුන්ට ලැබුණු තොරතුරු අනුවය. පාකිස්තාන රජය සහ බුද්ධි අංශ දමේ සම්බන්ධයෙන් දැනුවත් කළ බව ඇමෙරිකන් රජය පැහැදිලි කර ඇත.

පසුගිය සිකුරාදා (23) ඉස්ලාමාබාද් අගනුවර ජනාකිර්ණ ප්‍රදේශයක බෝම්බ පිපිරීමක් ද සිදුවිය. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය. එම සිද්ධිය සහ එල්ල වේවි යැයි සැක කරන ත්‍රස්ත ප්‍රහාරය අතරේ සම්බන්ධයක් තිබිය හැකි යැයි ඇමෙරිකන් බුද්ධි අංශ සැක කරයි.

එම බෝම්බ ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. බෝම්බකරු කුලී රථයකින් ගමන් කරමින් සිටිද්දී, පොලිස් නිලධාරීන් රථය නවත්වා එය සෝදිසි කිරීමට යෑමේදී පසුපස අසුනේ අසුන්ගෙන සිටි බෝම්බකරු බෝම්බය පුපුරුවාගෙන ඇත.

එම ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් සංවිධානය බාරගත්තේය. පාකිස්තාන තලේබාන්වරුන්, ඇෆ්ගන් තලේබාන්වරුන්ගෙන් වෙන්වුණු වෙනම කණ්ඩායමකි. ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවා ඇත්තේ මෙම තලේබාන්වරුන්ය. අදහස් අතින් එකිනෙකාට වෙනස් වුවත්, පාකිස්තාන තලේබාන්වරුන් සහ ඇෆ්ගන් තලේබාන්වරුන් අතරේ ඇයිහොඳයිකම් පවතී.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකනුවන්ට ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site