IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා/චීන/ජපාන නායකයෝ දුරකතන සාකච්ඡාවක

ඇමෙරිකා ජනාධිපතිවරයා චීන හා ජපාන නායකයන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි ද එහිදි උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද ධවල මන්දිරය නිවේදනය කරයි. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයා ජර්මනියේ පැවැත්වෙන ජී20 සමුළුවේදී ආසියාවේ විශාලතම ආර්ථිකවලට හිමිකම් කියන චීනය හා ජපානයේ නායකයන් හමුවීමට නියමිතය. ඒ අනුව චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් සහ ජපාන අගමැති ෂින්ෂෝ අබේ හමු වී සාකච්ඡා පැවැත්වීමට පෙර මෙලෙස දුරකතය ඔස්සේ සාකච්ඡාවල නිරත වී තිබේ. මෙම සතිය අවසානයේදී ජර්මනියේදී ජී20 සංවිධානයේ රටවල නායකයන් හමුවීමට නියමිතය. 
 
නායකයන් දෙදෙනාම කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීමට කැපවන බව නැවත වරක් සහතික කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය. එමෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා, එරට වෙළෙඳ සහකරුවන් සමඟ සමබර වෙළෙඳ සබඳතාවක් පවත්වාගෙන යෑම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන ද ධවල මන්දිරය සඳහන් කළේය. 
 
රොයිටර් 055



අදහස් (0)

ඇමෙරිකා/චීන/ජපාන නායකයෝ දුරකතන සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site