IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇට කාමා මීදුමෙන් ජලය

චිලීයේ ඇටකාමා කාන්තාරයේ ජීවත් වන මේ පිරිස විශේෂයෙන් සකස් කරන ලද දැල් වර්ගයක් හරස් අතට සිටුවා ඒවායේ ගැටෙන මීදුමෙන් ජලය ‘‘වෙන් කර ගනිති.මේ දැල් සකස් කර ඇත්තේ චිලීයේ ඇල්ටෝ පටාචේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසිනි.දැලෙහි ගැටෙන මීදුම ඝන මීටරයකින් ජලය ග්‍රෑම් 0.005 සිට 0.5 දක්වා ප්‍රමාණයක් වෙන්කරගත හැකි බව කියැවේ.

ඇටකාමා කාන්තාරය සැළැකෙන්නේ ලෝකයේ වියළිතම ප්‍රදේශය ලෙසටය.මේ ප්‍රදේශයට කවරදාවත් වැසි වැටුණු බවට සදහනකුදු නොමැත.කාන්තාරය චිලීයේ සිට පේරු දක්වාම පැතිරේ.ජලය නොමැති වුවද වෙරළාශ්‍රිතව පිහිටීම නිසා කාන්තාරයේ හමනා සුළගේ ජලවාෂ්ප බහුලය.මේ ජලය වෙන්කර ගැනීමේ අරමුණින් මේ දැල් විශේෂය නිපදවා තිබේ.

දැල් මගින් ග්‍රහණය කරගැනෙන ජල බිංදු දැල පහළ ඇති නළයකට එකතු වන අතර බිංදු බිංදු එකතු වී එම නළය ඔස්සේ කාන්තාරයේ තැන් තැන්හි තබා ඇති  ජලටැංකි කරා ගෙන යනු ලබයි.එකතු වන ජලය පානය කිරීමට තරම් පිරිසිදු තත්ත්වයේ පවතින බව පරීක්ෂණ වලින් සනාථව ඇත.

‘‘මීදුම් ජලය‘‘නිසා මෙතෙක් ජලය නොමැතිකමින් වගා කළ නොහැකිව අත්හැර දමා තිබූ කාන්තාරයේ දැන් වගා කටයුතුද සිදුවේ.ඉක්මනින්ම මේ ප්‍රදේශය ජනාවාසයට සුදුසු තැනක් බවට පත්වනු ඇතැයි විද්‍යාඥයෝ කියති.

 



අදහස් (0)

ඇට කාමා මීදුමෙන් ජලය

ගාමිණී Sunday, 31 March 2013 02:52 PM

වටිනා තාක්ෂණයක්. අරාබියෙන් පැනලා ගනීවි. (ස)

:       0       0

ගමගේ Monday, 01 April 2013 01:57 AM

මෙය ඉතාමත්ම විශිෂ්ඨ අදහසක්. (නි)

:       0       0

ලසන්ත Sunday, 31 March 2013 04:11 PM

උත්සහාවන්ත මිනිස්සු. අපි වගේ පිටකොටුවේ උද්ඝෝෂන කර කර ඉන්නෙ නැතිව කරන මේ වැඩ අගය කරන්න ඕනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site