IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇට කෑමෙන් දිගු දිවියක්

දිනපතා ඇට වර්ග ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත.

සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට  රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඇට වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.

එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.



අදහස් (0)

ඇට කෑමෙන් දිගු දිවියක්

නිහාල් විතානගේ Saturday, 19 July 2014 12:08 PM

ඊට පෙර අපේ හිටපු ජනාධිපතිවරයෙක් ඕක හොයාගත්තේ (නදී)

:       0       0

කුමාරන Saturday, 19 July 2014 01:42 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 19 July 2014 07:51 PM

ඒ සොයා ගත්තු එක්කෙනා මොන ජාතියේ ඇටද දන්නේ නැහැ කන්නේ (නදී)

:       0       0

නඩරාජා Saturday, 19 July 2014 09:11 PM

මතකද ජේ.ආර් ගේ ඇට අට ප්‍රතිපත්තිය , පස්සේ ඇඟේ ඇටෙත් නැතිව ගීයා (නදී)

:       0       0

අමිත් Saturday, 19 July 2014 03:21 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

නැනී Saturday, 19 July 2014 04:14 AM

වෛද්‍ය විද්‍යාවට අනුව සෑම ඇට වර්ගයක්ම මෙම ඝනයට වැටෙන්නේ නැහැ. ඉන්ටෙර්නෙට් ආශ්‍රිතව තව කරුණු සොයා බලන්න. රටකජු සහ කජු මේදය සහ කොලොස්ටරෝල් වර්ධනයට හේතු කාරකයෝ. ඉතා ගුණ ආහාරයක් නිසා සමබර කර ගන්න. මෙයත් හරියට අර රතු වයින් කතාව වගේ. බුද්ධිමත්ව භාරගන්න. අනිත් අතට මේ සොයා ගැනීම අලුත් ආරංචියක්ද නොවේ. චීනයත් අමෙරිකාවත් රටකජු නිෂ්පාදනයට ප්‍රධාන රටවල්. ඔවුන්ගේ රටකජු තොග අතිරික්තයක් ඇතිවන විටදීත් මෙවැනි ප්‍රචාර නිර්මාණය කරනවා. ඔය වෙළඳ ගැට වලටත් අසුනොවී ඉන්න අපි බුද්ධිමත් විය යුතුයි. (නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 20 July 2014 06:51 AM

කජු කිලෝවක් රුපියල් 2000 පමණ වෙනවා. මිල ගැන අහනකොට නම් ඔය කියන ලෙඩේ වැඩිවෙනවා කෑවම කොහොමද කියා නම් දන්නේ නැහැ. (නදී)

:       0       0

මාලි Saturday, 19 July 2014 08:22 AM

හොඳ ලිපියක් ඒත් කෘමිනාශක නොයෙදූ ඇට වෙන්න ඕනා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 351 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site