ආසියාවේ ඕනෑම රටකටත් යුරෝපයටත් ප‍්‍රහාර දිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැරසෙයි. ‘අග්නි 5’ යනුවෙන් නම් කර ඇති එම දිගු දුර මිසයිලයේ අත්හදා බැලීමේ කටයුතු හෙට (19) හෝ අනිද්දා (20) සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනය පවසයි. මීට පෙර නිර්මාණය කළ අග්නි මිසයිල මෙන් නොව ‘අග්නි 5’ මිසයිලයට කිලෝ මීටර් 5,000 කට වැඩි දුරක් යා හැකි යැයි ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනය වැඩි දුරටත් කියා සිටියි. ඉන්දියාව සිදු කිරීමට සැරසෙන එම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානය පමණක් නොව චීනය ද දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වේ. පාකිස්තානයත් චීනයත් ඉන්දියාවට මායිම් වූ අසල්වැසි රටවල්ය. මේ ආකාරයෙන් එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිල ඇත්තේ චීනය, ඇමෙරිකාව, ප‍්‍රංශය, රුසියාව, මහා බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලයට පමණි. ‘අග්නි 5’ මිසයිලය නිර්මාණය කරන්නේ තම යුද ශක්තිය තරකර ගැනීමට පමණක් බවත් එය කිසිදු රටකට අනතුරක් කිරීමේ අදහසකින් නිර්මාණය නොකරන බවත් ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනය අවධාරණය කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආසියාවටත් යුරෝපයටත් පහර දිය හැකි මිසයිලයක් ඉන්දියාවෙන්