IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආරක්ෂක අංශවලින් බේරී ඉරාක උප ජනපති සෞදියට

ඉරාක ආරක්ෂක අංශවලින් බේරී සැඟවී සිටි එරට සුන්නි මුස්ලිම් උප ජනපති තරීක් අල් හසීමී, පෙරේදා (4) සෞදි අරාබියට පැමිණියේය. අල් කයිඩා සටන්කාමීන් සමඟ එක්වී ඉරාක රජයේ උසස් නිලධාරීන් හා ඇමැතිවරුන් ඝාතනය කිරීමට සැලැසුම් කළ බවට උප ජනපතිට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා හේතුවෙන් ඉරාක අපාරාධ අධිකරණයක් ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබේ. වරෙන්තු නිකුත් කළ අවස්ථාවේ ආරක්ෂක අංශවලින් බේරී උප ජනාධිපතිවරයා ඉරාකයට අයත්  කුර්දිස්තානයට පලා ගොස් සැඟවුණේය. පෙරේදා සෞදි අර්බිය පැමිණෙන තෙක් ඔහු සිටියේ කුර්දිස්තානයේය. ”ඉරාක උප ජනපති සෞදියට පැමිණ සිටිනවා. ඔහු සෞදි විදේශ ඇමැති සවුද් අල් ෆයිසාල් හමුවී සාකච්ඡුා කළා.” යැයි නම සඳහන් නොකළ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය. උප ජනපති සෞදියට පැමිණ ඇත්තේ ඩෝහා සිටය. උප ජනපති වහාම තමන්ට බාර දෙන ලෙස ඉරාක රජය සෞදියට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. ඉරාක මුස්ලිම් ජනතාව සුන්නි සහ ෂියා ලෙස කොටස් දෙකකි. ඔවුන් අතරේ ද ආයුධ සන්නද්ධ සටන්කාමී කණ්ඩායම් බිහිවී සිටී. එම සටන්කාමී කණ්ඩායම් අල් කයිඩා, හිස්බුල්ලා, කටාබී, හසාබී අල් හක් ආදී සටන්කාමී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වයි.



අදහස් (0)

ආරක්ෂක අංශවලින් බේරී ඉරාක උප ජනපති සෞදියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site