අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ ආමේනියාවේ, යෙරෙවාන් අගනුවර සුර්වාන් වෙළෙඳපොළේ මහා පිපිරීමක් සිදුවිය.
පිපිරීම සිදුවූයේ ගිනිකෙළි වෙළෙඳසැලක සිදුවුණු විදුලිය කාන්දුවක් නිසා යැයි සැක කෙරේ. පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් තිදෙනකු මියගිය අතර, ගිණිකෙළි වෙළෙඳසැල සහ ඒ අවට වෙළෙඳසැල් පිපිරිමට හසුවී බිමට සමතලා වූ බව පැවැසෙයි. පිපිරුමෙන් තුවාල ලැබූ ගණන 40 කට ආසන්න යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිපිරුමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 200 දෙනකු යෙදවිණි. බිමට සමතලා වූ ගොඩනැගිලි යට සිරවුණු පිරිස් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ලහිලහියේ සිදුවෙමින් පවතී.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආමේනියාවේ ගිනිකෙළි වෙළෙඳසැලක පිපිරීමක්