IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ආනෝල්ඩ් රිය අනතුරක

ප්‍රවීණ සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වාසනෙගර් පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී එම මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලැබුවාය.

74 හැවිරිදි, හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ද වන ආනොල්ඩ් සුළු තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අනතුර සිදුවී ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර සන්සෙට් බුලවාඩ් සහ ඇලෙන්ෆෝඩ් වීදිය අසලදීය.

කාන්තාවගේ හිසට තුවාල සිදුවී ඇති බවත් ඇය කඩිනමින් රෝහල්ගත කෙරුණු බවත් ලොස් ඇන්ජලීස් පොලිසිය පවසා ඇත. අනතුර සිදුවුණු සැණින් ආනොල්ඩ් එම කාන්තාවගේ පිහිටට ගිය බව ද වාර්තා වේ.

ඇමෙරිකන් පුරවැසියකු වුවත් ආනෝල්ඩ් උපතින් ඔස්ට්‍රියානුවෙකි. කායවර්ධන ශූරයකු ලෙස ජනප්‍රිය වී, හොලිවුඩයට පැමිණි ඔහු ක්‍රියාදාම නළුවකු ලෙස ලොව කාගේත් හදවත් දිනා ගත්තේය.

කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී රංගනයෙන් ඈත් වී සිටි ආනොල්ඩ් ආණ්ඩුකාර ධුරයට සමු දීමෙන් පසු යළි රංගනයට පිවිස සිටී.

(රොයිටර්)

 



අදහස් (0)

ආනෝල්ඩ් රිය අනතුරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site