IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආගමික නායක කද්රි රජය පෙරළන්න කුමන්ත‍්‍රණ කරනවා

රජයට එරෙහිව ජනතාව ‘උසිගන්වන’ ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි උත්සහ ගන්නේ හමුදා කුමන්ත‍්‍රණයකින් රජය පෙරළන්න යැයි පාකිස්තානයේ පාලක පක්ෂය පවසයි.
පාලක ජනතා පක්ෂය ප‍්‍රමුඛ රජයට කද්රි හිසරදයක් වූයේ මීට දින කිහිපයකට පෙර සිටය. කද්රි දස දහස් ගණනක් විරෝධතාකරුවන් සහ අනුගාමිකයන් පිරිවරාගෙන ඉකුත් 15 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළේය.
එහෙත් පොලිසිය එම පිරිසට හරස් වීමත්, පාර්ලිමේන්තුව වට කරමින් මාර්ග බාධක යෙදවීමත් සමඟ විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳ ගත්හ. ඔවුන් පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවන තෙක් එම ස්ථානයෙන් ඉවත්ව නොයන බවය.
රටේ දුෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමට විරෝධය පළ කරමින්, මැතිවරණ පැවැත්වීම ප‍්‍රමාද කිරීම සහ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ පැවැත්වීමට රජය අපොහොසත් යැයි චෝදනා කරමින්, රජයට එරෙහි එම විරෝධතා සංවිධානය කර තිබුණි.
පසුගිය පස් වසර පුරා කැනඩාවේ පදිංචි වී සිටි, දැඩි මතධාරී ආගමික නායකයකු වන 61 හැවිරිදි කද්රී මීට වසර කිහිපයකට පෙර,  පාකිස්තාන රජයට අනතුරු අඟවා තිබුණේ, පාකිස්තාන දේශපාලනයේ පැහැදිලි වෙනසක් දකින්න නොලැබේ නම් මෙම වසරේ මාර්තු මාසය වෙද්දී පාර්ලිමේන්තුව විසුරුවන්නැයි බල කරමින් දැවැන්ත විරෝධතාආරම්භ කරන බවටය.
පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටී ඇති අතර, රට බලශක්ති අර්බුදයක්ද පවතී. එපමණක් නොව ආගමික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද දිනෙන් දින උත්සන්න වී ඇත. පාකිස්තානය මෙසේ අස්ථාවර වී ඇත්තේ, දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් යැයි කද්රී පෙන්වා දෙයි.
පවතින එම අර්බුදයෙන් මිදීමට නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර, හමුදාව යළිත් රටේ පාලන බලය අතට ගෙන මහ මැතිවරණයක් පවත්වන තුරු භාරකාර රජයක් පිහිටුවිය යුතු යැයි කද්රී යෝජනා කරයි.
පාකිස්තාන හමුදාපති ජනරාල් අෆ්තාක් කයානී පවසා ඇත්තේ කද්රි සමඟ හෝ ඔහුගේ අනුගාමිකයන් සමඟ හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. කෙසේ නමුත් ජනතා පක්ෂය පෙන්වා දෙන්නේ කද්රිගේ අනුගාමිකයන් පිරිසක් හමුදා ප‍්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවය.



අදහස් (0)

ආගමික නායක කද්රි රජය පෙරළන්න කුමන්ත‍්‍රණ කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 94 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 945 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site