ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාර් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා පුපුරණ ද්‍රව්‍ය පිර වූ මෝටර් රථ දෙකක් හමුදා කඳවුරට කඩා වැදී තිබෙන අතර පැය කිහිපයක් තලේබාන් සටන්කාමීන් හා හමුදාව අතර ගැටුම් පැවැති බව එම ආරංචි මාර්ග කියයි.
තලේබාන් සටන්කාමීන් හා හමුදාව අතර ගැටුම් ඇති වී ඇත්තේ බදාදා රාත්‍රියේ හා අද (19) අලුයම් කාලයේදී යැයි ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර ප්‍රහාරයෙන් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර තිබිණි.
(055/085)
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අැෆ්ගනිස්තානයේ තලේබාන් ප්‍රහාරයකින් 40 ක් මරුට
ධම්ම Thursday, 19 October 2017 04:12 PM
ඇමෙරිකාව ගෙදර යන්න මේ මිනිසුන්ට පාඩුවේ ඉන්න දීලා. එයාලා අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ.
ධනුෂ්ක Friday, 20 October 2017 02:31 AM
අාගම වෙනුවෙන් මිය යාම. එසෙ මිය යනවුන් දෙවියන් ළඟට යාම. වැනි අන්තවාදී අදහස් මීට අවුරුදු 100ට පෙර ඔටෝමාන් අධිරාජ්ය බිඳ වැටුනු පසු ඔවුන් ලෝකයෙන් තුරන් වනු අැතැයි අැති වු බිය නිසා ගොඩනගාගත් අදහස්. ඔවුන්ගෙ අරමුණ තම දර්ශනය හා වර්ගයා පමණක් ලෝකයෙ ඉතිරි කිරීම. මම ජාතිවාදියකු නොවෙමි නමුත් සැබැ යථාර්ථය මෙයයි. අද ලොව පුරා යුධ ගැටුම් ලේ වැගිරීම් මේ වෙනුවෙනුයි. ලෝකය සාමකාමි වීමටනම් මේ අන්තවාදය හා අන්තාවාදීන් මුලිනුපුටා දැමිය යුතුය. මෙහෙම ගියොත් එ් සඳහා ලෝක ජනමතයක් හා යුද්ධයක් අැතිවනු නියතයි. මොවුන් සාමිකාමි රටවල්වලද අන්තවාදය වපුරා එ් රටවලුත් අවුල් කරනවා. කෙතරම් සාමිකාමි මිනිසාය වුවත් ඉවසීමේ සීමාවක් පවති.
upali Saturday, 21 October 2017 07:41 AM
තම ආගම හා ජාතිය පමණක් ලෝකයේ තිබිය යුතුය යන මාර්ගයේ යන මිනිසුන් සිටින තුරු මෙම විනාශයන් අවසන් නොවේ.