ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේට බ්‍රිතාන්‍ය අධිකරණය මගින් සති 50ක සිර දඬුවමක් නියම කර ඇතැයි වාර්තා වේ.
47 වියැති ජුලියන් අසාන්ජේ ඉහත චෝදනා මත පසුගිය මාසයේදි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඉක්වදෝරය හදිසියේම අසාන්ජේගේ සරණාගත භාවය අහෝසි කිරීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඇමරිකානු යුද රහස් තොරතුරු සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඇමරිකානු රජය අසාන්ජේ අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි.
බෙල්මාෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට අසාන්ජේ අධිකරණ භූමියට රැගෙන එනවිට දෙස් විදෙස් වාර්තාකරුවන් විශාල පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔවුන් අධිකරණ ශාලාවට ඇතුළුවීමේ අවසරපත්‍ර ලබාගැනීම සඳහා පැය දෙකකට අධික කාලයක් පෝලිමේ රැඳිසිටි බවද සඳහන් වේ.
(බීබිසී පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අසාන්ජේට සති 50 ක සිරදඬුවමක්