IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අවි බිම තිබ්බොත් අල් කයිඩාව සමඟ සාම කතාවලට සූදානම්

ආයුධ බිම දැමීමට  සූදානම් නම් අල් කයිඩා සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමටත් ඔවුන්ගේ ගැටලූවලට දේශපාලනික විසඳුම් සෙවීමටත් තමන් සූදානම් යැයි යේමන ජනාධිපති අබ්රාබූ මන්සූර් හානි පවසයි. ”අල් කයිඩා සටන්කාමීන්ගේ කි‍්‍රයාකාරම් නිසා කොතරම් ජීවිත හානි හෝ දේපොළ හානි සිදුවුණත්, කොතරම් පිරිසකට උන්හිටිතැන් අහිමි වුණත් ඒ කිසිම දෙයක් සැලකිල්ලට නොගෙන ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට අප සූදානම්.” යැයි ජනපති මන්සූර් හානි අවධාරණය කරයි. සටන්කාමීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රජය නියෝජනය කරමින් මැදහත්කරුවකු නම් කර ඇති නමුත් ඔහු කවුරුන්දැයි ජනපතිවරයා හෙළි නොකළේය. අබ්රාබූ මන්සූර් හානි යේමන ජනපතිවරයා ලෙස වැඩ බාර ගත්තේ ඉකුත් පෙවරවාරි මාසයේදීය. ඒ, අරාබි වසන්තය යනුවෙන් ඇමෙරිකාව හැඳින් වූ ජනතා විරෝධතා රැල්ල යේමනයට පැමිණි අවස්ථාවේ යේමනයේ ජනපති ධුරයේ සිටි අලී අබ්දුල්ලා සාලේ ජනපති ධුරයට සමුදීමෙන් පසුවය. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ අරාබි අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක වන අල් කයිඩා සටන්කාමී සංවිධානයයි. අල් කයිඩා සටන්කාමීහු වසර ගණනාවක් තිස්සේ යේමන රජය සමඟ ගැටුම් ඇති කරගනිති. යේමනයේ නැගෙනහිර පළාත් කිහිපයක් මේ වනවිට සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පවතින අතර එම පළාත් මුදා ගැනීමට යේමන රජය හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. අල් කයිඩාවට එරෙහි සටනේදී යේමන රජයට ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයේ සහාය හිමිවෙයි. පසුගිය මාස කිහිපයේ යේමනයේ සානා අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ ද අල් කයිඩා සටන්කාමීන් යැයි වාර්තා විය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරනවා පමණක් නොව සෙසු සටන්කාමී කල්ලි පුහුණු කිරීමත් ඔවුන්ට ආයුධ සැපැයීමත් සිදු කරන්නේද යේමන අල් කයිඩා සංවිධානයයි.



අදහස් (0)

අවි බිම තිබ්බොත් අල් කයිඩාව සමඟ සාම කතාවලට සූදානම්

දම්මි Monday, 01 October 2012 07:04 AM

සටන්කාමියෝ නෙමෙයි, මේ ත්‍රස්තවාදියෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17895 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site