
ෆින්ලන්තයට සහ ස්වීඩනයට අවශ්‍ය වුවහොත් හමුදා සහාය ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය සුදානම් බව පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසයි.
ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ෆින්ලන්තය සහ ස්වීඩනය තම සාමාජික අයදුම් පත්‍රයට නේටෝ සංවිධානයේ ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටී.රුසියාවේ අනතුරු ඇඟවීම් නොතකා ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර තිබේ.
රුසියාව, ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් සේ සලකයි.
නේටෝ සංවිධානයේ අවි රුසියානු දේශ සීමා අසල ස්ථානගත වුවහොත් තම රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග ගන්නා බවට රුසියාව ප්‍රතිඥා දී ඇත.
ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවාද නැද්ද තීරණය කිරීම රුසියාවට අයිති කාර්යයක් නොවන බව ඇමෙරිකාව පවසයි.බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී "ෆින්ලන්තයේ සහ ස්වීඩනයේ හමුදා සතුව නවීන තාක්ෂණය තිබෙනවා.අපිට වැඩ කරන්න ලේසියි. රුසියාව පහර දෙයි කියල උපකල්පනය කරන්න හොඳ නැහැ.ඒත් අවශ්‍ය වුවහොත් ඇමෙරිකාව මේ රටවල් දෙකට මගේ අදහසට අනූවනම් හමුදා සහාය ලබා දේවි"යැයි පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවශ්‍ය වුණොත් හමුදා සහාය දෙනවා