
ඔස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආපන ශාලාවක් අවුරුදු 11 වයසැති දරුවන් සේවයට බඳවා ගෙන ඇතැයි පළවූ වාර්තා හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ එම ආපන ශාලාවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
එම ආපන ශාලාව අවුරුදු 11 වයසැති ළමුන්ට පිඟන් සේදීමට, ජෑම් සෑදීමට, අච්චාරු සෑදීමට සහ පාරිභෝගිකයන්ට ආහාර පිළිගැන්වීමට අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා මුදල් ගෙවා ඇත. අන්තර්ජාලය තුළ දැඩි විවේචන එල්ල වූවත් ආපන ශාලාව අවුරුදු 11 වයසැති ළමුන්ට රැකියා අවස්ථාවක් ලබා දීම වරදක් නොවන බව පවසන පිරිස්ද සිටින බව පැවැසෙයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ රැකියාවක නියුතු වීම සඳහා අවම වයසක් නොමැති වුවත් රජය අවම වයස ලෙස අවුරුදු 15 ත් සැහැල්ලු වැඩ සඳහා අවුරුදු 13 ත් නිර්දේශ කිරීමට ෆෙඩරල් රජය අදහස් කරමින් සිටින බව වාර්තා වී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා අවම වැටුප ඔස්ටේ්‍රලියාවේ අවම වැටුපෙන් සියයට 36.8 කි.
(විමුක්ති එස් රුද්‍රිගු)
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවුරුදු 11 දරුවන් රැකියාවට අරන්