IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අවුරුදු දෙකේ පොඩ්ඩා පියාට වෙඩි තබලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔර්ලැන්ඩෝ නගරයේ වයස අවුරුදු දෙකක් කුඩා දරුවකු අත් වැරදීමකින් තම පියාට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පැවැසෙයි.උණ්ඩ පිරවූ පිස්තෝලයක් දරුවා අසල තිබී ඇති බවත් එම පිස්තෝලය අතට ගත් දරුවා මෙසේ පියාට වෙඩි තබා ඇති බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.

උණ්ඩ සහිත තුවක්කුවක් කුඩා දරුවකුට ගත හැකි පරිදි නොසැලකිලිමත් ලෙස තැබීම හේතුවෙන් දරුවාගේ මව වන 26 හැවිරිදි මාරි අයලාට  මිනීමැරුම් චෝදනා ගොනු කර ඇත.

දෙමාපියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම සිදුවීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.911 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් මත ඔර්ලැන්ඩෝ පොලිසිය එම ස්ථානයට යන අවස්ථාවේ දරුවාගේ 26 හැවිරිදි මව වෙඩි වැදුණු පියාට කෘතීම ස්වසනය දෙමින් සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ පවුලේ සාමාජිකයන් 5 දෙනාම එම ස්ථානයේ සිට ඇති අතර ප්‍රශ්න කිරීමේදී වැඩිමහල් දරුවා තම බාල සොහොයුරා පියාට වෙඩි තැබූ බවට ප්‍රකාශයක් ලබා දුන් බව ඔර්ලැන්ඩෝ පොලිසිය පැවසුවේය.

දෙමාපියන් පිස්තෝලය සහිත බෑගය වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් සිටි දරුවා අසලින් තබා ගොස් ඇති අතර බෑගයෙන් තුවක්කුව ගත් කුඩා දරුවා පියාගේ පිටුපසට වෙඩි තබා ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.

මුලින් මියගිය පුද්ගලයා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන ඇති බව පොලිසිය විශ්වාස කලත් වැඩිමහල් දරුවාගේ ප්‍රකාශය සියල්ල වෙනස් කළ බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේය.දෙමව්පියන් දෙදෙනා අපරාධ චෝදනා කිහිපයකට වරදකරු වී  ඇප මත නිදහස් වී සිටින අයවලුන් බව බලධාරීහු ප්‍රකාශ කළහ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අවුරුදු දෙකේ පොඩ්ඩා පියාට වෙඩි තබලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site