IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවුන් සාන් සූ කී දිවුරුම් දෙයි

මියන්මාර හමුදා රජයට එරෙහිව වසර 25 කට අධික කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අහිංසාවාදී අරගලයක් ගෙන ගිය එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී, ඊයේ (2) ප‍්‍රථම වරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස දිවුරුම් දුන්නාය. ඇයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවස්ථාව උදා වූයේ පසුගිය අපේ‍්‍රල් පළමුවැනි දා පැවැති අතුරු මැතිවරණයෙන් ඇය ජයග‍්‍රහණය කළ හෙයිනි. සූ කී සමඟ පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රණ සභාවට තේරුණු ඇගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජිකයෝ 33 දෙනෙක් ද දිවුරුම් දුන්හ. පසුගිය 23 වැනිදා මියන්මාර පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සූ කී සහ ඇගේ පක්ෂයේ මන්තී‍්‍රවරුත් එය වර්ජනය කළහ. මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ දී හමුදාවට පක්ෂපාතී බව අඟවමින් දිවුරුම් දිය යුතුව ඇත. සූ කී සහ ඇගේ පක්ෂයේ මන්තී‍්‍රවරුන් කියා සිටියේ එම දිවුරුම් ප‍්‍රකාශයට ඇතුළත් වගන්ති කිහිපයක් වෙනස් කරනතුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බවය. හමුදා පාලකයන්ගේ රූකඩයක් වූ මියන්මාර සිවිල් රජය යටතේ කටයුතු කිරීමට හෝ දිවුරුම් දීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ඔවුහු අවධාරණය කළහ. කෙසේ නමුත් පසුගිය 29 වැනිදා මියන්මාරයට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවීමෙන් පසු සූ කී කියා සිටියේ තමා පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බවය. ඇගේ පක්ෂය ද කියා සිටියේ මියන්මාර ව්‍යවස්ථාවේ සංශෝධන ඇති කිරීමට නම් අකමැත්තෙන් වුව ද පාර්ලිමේන්තුවට යා යුතු බවයි. මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කරදීමේ අරමුණින් අහිංසාවාදී අරගලයක් ගෙන යමින් ඒ වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ සූ කී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස දිවුරුම් දීම නව යුගයක ආරම්භයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසයි.



අදහස් (0)

අවුන් සාන් සූ කී දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site