IMG-LOGO

අවුන් සාන් සූකීට තවත් වසර 6 ක සිර දඬුවමක්

හමුදා කුමන්ත්‍රණයකින් බලය අහිමි වුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කීට තවත් සය වසරක සිර දඬුවමක් හිමිවිය.

මෙම සිරදඬුවම හිමිවූයේ  මියන්මාරයේ වැසියන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා සූකී පිහිටුවන ලද ‘දෝ කින් කියි’ පදනමේ අරමුදල් අවභාවිතා කිරීම සහ තවත් දුෂණ චෝදනා කිහිපයකට ඇය වරදකාරිය වූ බැවිනි.

මෙම සය වසරක සිර දඬුවමට අමතරව 77 හැවිරිදි සූ කී ට තවත් අවුරුදු 11ක  සිරදඬුවමක් නියම වී ඇත. ඒ, ඇයට එල්ල වී ඇති වෙනත් චෝදනා සම්බන්ධයෙනි. තමන්ට එල්ල වන සියලුම චෝදනා අවුන් සාන් සූ කී තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මියන්මාරයේ හමුදා ජුන්ටාව, සූකී ට නිල රහස් පනත උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා, දූෂණ චෝදනා සහ මැතිවරණ වංචා පිළිබඳ  චෝදනා මාලාවක් එල්ල කර ඇති අතර, එම චෝදනා සියල්ලටම ඇය වැරදිකාරිය වුවහොත් ඇයට හිමිවන සිරදඬුවම් කාලය වසර 190 ක් පමණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

අවුන් සාන් සූකීට තවත් වසර 6 ක සිර දඬුවමක්

fairoos Tuesday, 16 August 2022 02:59 PM

හරි නම් අපේ නන්දසේන ගොයියත් ඉන්න ඕන මෙයා වගේ තමයි

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site