සෝමාලියාවේ ක්‍රියාත්මක, අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයකු වන අබ්දුල්ලාහී නදීර් මරා දැමීමට සෝමාලි රජය සමත් විය. අබ්දුල්ලාහී නදීර් ඝාතන මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ පසුගිය සති අන්තයේ යැයි එරට ජනමාධ්‍ය අමතයාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
අල් කයිඩාව සමඟ සබඳතා පවත්වන අල් ෂෙබාබ් ත්‍රස්ත සංවිධානය, පිහිටුවීමේ පුරෝගාමියකු ලෙස සැලකෙන්නේ ද අබ්දුල්ලාහී නදීර් ය. අල් ෂෙබාබ් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ අහ්මද් දිරියේ ය. මොහු අසනීප තත්ත්වයෙන් පසුවන බව සෝමාලි ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ.
අහ්මද් දිරියේගෙන් පසු ත්‍රස්ත සංවිධානයේ නායකයා වීමට නියමිතව සිටියේ අබ්දුල්ලාහී නදීර් යැයි ද සෝමාලි ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
අල් ෂෙබාබ් ත්‍රස්ත සංවිධානය සෝමාලියා රජය සමඟ ගැටෙමින්, එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ 2006 වසරේ සිටය. ඒ, බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා ඇති සෝමාලි රජය අස්ථාවර කිරීමේ අරමුණ ඇතිවය. අල් ෂෙබාබ් ත්‍රස්තයන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන්ට ආවේණික දලදඬු ෂරියා නීතිය රටේ ස්ථාපිත කිරීමය. සෝමාලියාව, අප්‍රිකා මහද්වීපයට අයත් රාජ්‍යයකි.
(ඒ.එෆ්.පී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අල් ෂෙබාබ් ත්‍රස්ත නායකයෙක් මරා දැමේ