පාකිස්තානයේ සැඟවී සිටි අල් කයිඩා සංවිධානයේ දෙවැනියා වූ අබූ යාහා අල් ලිබී, ඩ්‍රෝන යානා යොදා ගනිමින් මරා දැමීමට සමත් වීම, බින් ලාඩන් ඝාතනයෙන් පසු අල් කයිඩාවට එල්ල කළ අතුල් පහරක් යැයි ඇමෙරිකාව ඊයේ (6) කියා සිටියේය.
”අල් ලිබී ඝාතනය වූ බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. එම ඝාතනය නිසා අල් කයිඩා සංවිධානය තවත් පසුබෑමකට ලක් වී තිබෙනවා.” යැයි ධවල මන්දිර ප‍්‍රකාශක ජිම් කාර්නී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ පැවැසීය.
ඇමෙරිකා හමුදාව සහ එරට සී.අයි.ඒ. බුද්ධි අංශය එක් වී ඩ්‍රෝන යානා යොදා ගනිමින් අබූ යාහා අල් ලිබී ඝාතනය කළේ ඉකුත් 4 වැනිදාය. එම අවස්ථාවේදී ඔහු සැඟවී සිටියේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල උතුරු වසිරිස්තානයේ තලේබාන් සටන්කාමීන්ගේ තිප්පොළකය.
පාකිස්තානයේ පමණක් නොව, යේමනයේ කි‍්‍රයාත්මක උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ මෙහෙයුම් සැලැසුම් කළේ අබූ යාහා අල් ලිබීය.
ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළ තැනැත්තා ලෙස ද සී.අයි.ඒ. බුද්ධි අංශය අල් ලිබී හඳුනා ගෙන ඇත.
ප‍්‍රධාන පෙළේ අල් කයිඩා නායකයකු ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා සමත් වීම, ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී’ ලැබූ තවත් විශිෂ්ට ජයග‍්‍රහණයක් යැයි ජනපති බැරැුක් ඔබාමා ද පවසා ඇත. පසුගිය වසරේ මැයි මාසයේ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුම සිදුවුණේ ජනපති ඔබාමාගේ අධීක්ෂණය යටතේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අල් ලිබී මරා දැමීම අල් කයිඩා සංවිධානයට දුන් අතුල් පහරක්
කිරිමාටින් Thursday, 07 June 2012 11:09 AM
අලි බබත් අල්කයිඩා එකට සම්බන්ධයිද දන්නෑ ..
රන් පුතා Thursday, 07 June 2012 06:51 PM
හොදයි.....
අලිබබා Thursday, 07 June 2012 08:17 PM
අඩේ කිරිමාටියා. වා නම් වා. පෝ නම් පෝ. කම් ඕ ගෝ චිකාගෝ.