IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අලි මිනිසා සමුගනී

සුප්‍රකට හැරී පොටර් ලමා චිත්‍රපටයේ විකට චරිතයකට පණ පෙවූ ප්‍රවීන බ්‍රිතාන්‍ය නළුවකු වන ශ්‍රීමත් ජෝන් හාට් 77 වැනි වියේදී සිය දිවියෙන් සමු ගත්තේය. අගන්‍යාශයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳිමින් සිටි මෙම ප්‍රවීණ රංගධරයා ඔස්කාර් සම්මානලාභියෙකි.

‘අලි මිනිසා’ නමින් හැඳින්වූ ඔහු දශක හයකටත් වැඩි කාලයක් චිත්‍රපට 200 කට අධික ගණනකටත්, රූපවාහිනී වැඩසටහන් වලටත් සහභාගී වූ කැපි පෙනෙන චරිතාංග නළුවකු විය. අගන්‍යාශයේ පිළිකා රෝගී තත්වය හේතුවෙන් 2015 වසරේ සිට ඔහු ප්‍රතිකාර ලබාගත් බැව්ද වාර්තා වේ.
හාට් මහතා පිළිකා රෝගයෙන් මියයන්නට ප්‍රථම අවසන් වරට ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක් වන ‘ජැකී’ හි පූජකයකුගේ චරිතයකටද, ‘ද ලාස්ට් පැන්තර්ස්’ වැනි රූපවාහිනි වැඩසටහන් වලටද දායකත්වය දැක්වීය.
ඔහු රඟපෑ චිත්‍රපට අතර ‘ද එළිෆන්ට් මෑන්’ සහ ‘මිඞ්නයිට් එක්ස්ප්‍රස්’ යන චිත්‍රපට සඳහාද 2012 වසරේදී බ්‍රිතාන්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානය වන බැෆ්ටා සම්මානය හිමිවිය. 1979 වසරේ තිරගත වූ ‘ඒලියන්’ චිත්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය දැක්වීය. 



අදහස් (0)

අලි මිනිසා සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site