IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල් කයිඩා සටන්කාමීන්ට රැකවරණ දෙන්නේ නැහැ

අල් කයිඩා ඉස්ලාමීය සටන්කාමීන්ට කිසිම අවස්ථාවක තම රටේ රැකවරණ ලබා නොදෙන බව පාකිස්තාන රජය අවාධාරණය කරයි. පාකිස්තාන රජය මෙසේ කියා සිටියේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින්ය. පැනේටා කියා සිටියේ දැන හෝ නොදැන පාකිස්තාන රජය ඉස්ලාමීය සටන්කාමීන්ට  ආරක්ෂාව සපයන බවය. පාකිස්තාන රජය ඉස්ලාමීය සටන්කාමීන් මර්දන කිරීමට නිසි කි‍්‍රයා මාර්ග අනුගමනය නොකරන බවටද ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා චෝදනා කර ඇත. අල් කයිඩා සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන අල් ලිබී පාකිස්තානයේ සැඟවී සිටිද්දී ඇමෙරිකා හමුදා අතින් පසුගියදා ඝාතනය විය. එපමණක් නොව අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී ජීවත්වූයේද පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේය. පාකිස්තාන රජය දිගින් දිගටම අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ට ආරක්ෂාව ලබා දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයා මාර්ග ගැනීමට ඇමෙරිකාවට සිදුවන බව ද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ. පාකිස්තාන රජය පවසන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයාගේ එම ප‍්‍රකාශයට තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බවය.



අදහස් (0)

අල් කයිඩා සටන්කාමීන්ට රැකවරණ දෙන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site