IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අල් කයිඩා නායක සවාරි මරා දැමේ

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය.

ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ තොරතුරු පාදක කර ගනිමින් අල් සවේරී ඝාතනය සිදුවූයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කරමිණි.

ප්‍රහාරයට ලක් වෙද්දී අල් කයිඩා නායකයා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සිටි බව ද පැවැසෙයි.

ඇමෙරිකන් හමුදා සවාරී ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ පසුගිය ඉරිදා (31) ය.

අල් සවේරී ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් සියලු විස්තර ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මාධ්‍ය හමුවක් හරහා ප්‍රසිද්ධියට පත් කරනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(බීබීසී)



අදහස් (3)

අල් කයිඩා නායක සවාරි මරා දැමේ

Bamunuarachchi Tuesday, 02 August 2022 06:11 AM

මෙන්න සැලියුට් එකෙක්. මෙම ආගමික වර්ගය ලෝකයටම උවදුරක් හෙවත් menace එකක්. එක එකා හරි මරා දමා ලෝකය අන් සෑම අගමිකයෙකුටම ජීවත් විය හැකි ස්ථානයක් කරන්න ජොබ් එක ඇමරිකාවට බාර දෙමු.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 August 2022 08:04 AM

මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානවලින් ලෝකයට ඇත්තේ පුදුම වදයක්... ඇමෙරිකාව සියයට සියයක්ම නිවැරදි නොවෙන්නට පුළුවන්. ඒත්, ආගමික අන්තවාදයක පැටලී, මලේච්ඡ අයුරින් ලේ ගංගා හලා වටිනා මිනිස් ජීවිත අමුඅමුවේ විනාශකොට දැමීම ආගමක් නාමයෙන් කෙරෙනා මුලාවක් නොවේද? ආගමකින් මිනිසා ශිෂ්ඨ සම්පන්න වීම සිදුවීම අගනා දෙයකි. ඒත්, අපේ ආගම පමණයි ලොව තියෙන්නට ඕනේ. අන් ආගම් අදහන අය මරා දැමිය යුතුය යන්න මොනතරම් බොළඳ ම්ලෙච්ඡ අදහසක් දැයි යන්න ත්‍රස්ත සංවිධාන අවබෝධ කොට ගන්නේ නම්, එය මොන තරම් වාසනාවක්ද?

:       0       0

අමා Tuesday, 02 August 2022 02:22 PM

මේ වැඩේට නම්, මානවහිමිකම් යන්න වෙනව, අහවල් තානාපතිනිය ටුවිටර් පනිවිඩයක් එහෙමත් නිකුත් කරල ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site