IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අල් කයිඩා නායකයාගෙන් තර්ජනයක්

අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී වීඩියෝ පණිවුඩයක් හරහා ඉන්දියාවට අනතුරු අඟවා තිබේ. අල් කයිඩා නායකයා ඉන්දියාවට අනතුරු ඇඟවූයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පාසලක බාලිකාවන්ගේ හිජාබය තහනම් කිරීමට එම ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් බලධාරීන් පියවර ගෙන ඇති බැවිනි.

කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. හිජාබය තහනම් කිරීමට ප්‍රාන්ත බලධාරීන් සහ පාසල් බලධාරීන් පියවර ගත් අවස්ථාවේදී මුෂ්කාන් ඛාන් නමැති සිසුවිය හිජාබයකින් සැරැසී පාසලට පැමිණ සිය අයිතිය වෙනුවෙන් තනිවම හඬ නගයි. මෙම වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඉන්දීය පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ට අනතුරු අඟවා ඇත්තේ මුෂ්කාන් ඛාන් ද පැවැසුමට ලක් කරමිනි. ඉන්දීය හින්දු ජාතිකවාදී රජය එරට මුස්ලිම්වරුන් මර්දනය කරන බවට අල් කයිඩා නායකයා චෝදනා මිනිත්තු 9 ක වීඩියෝවකින් පෙනී සිටිමිනි.
අයිමාන් අල් සවාහීරී අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් වූයේ 2011 වසරේ අල් කයිඩා නායකයා වී සිටි ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසුවය. ඇමෙරිකන් නේවි සීල් භටයන් බින් ලාඩන් ඝාතනය කළේ ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වෙද්දීය.

වීඩියෝ පණිවුඩය හරහා ඉන්දියාවට පමණක් නොව, අයිමාන් අල් සවාහීරී ප්‍රංශයට, හෝලන්තයට සහ ස්විට්සර්ලන්තයට පමණක් නොව මොරොක්කෝවටත් ඊජිප්තුවටත් අනතුරු ඇඟවීය. ඒ එම රටවල් හිජාබය තහනම් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙනි.

(ඩේලිමේල්)



අදහස් (1)

අල් කයිඩා නායකයාගෙන් තර්ජනයක්

Bamunuarachchi Wednesday, 06 April 2022 03:35 PM

බින් ලාඩන් කෑවා වගේ මෙයාටත් ඉක්මණට කන්න ඕනේ වෙලා. හිජාබය අනවශ්‍යයි,.. සම්පූර්ණයෙන් තහනම් කළයුතුයි..!

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site