නායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන් බුද්ධි අංශ කියයි.
ඇමෙරිකන්, බුද්ධි අංශ සහ හමුදාව එක් වී, ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයකින්, අයිමාන් අල් සවාහිරී ඝාතනය කළේ සවාහිරී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර නිවසක සිටිද්දීය.
ඩ්‍රෝන යානා යොදා ගනිමින් මිසයිල ප්‍රහාර යවා අයිමාන් අල් සවාහිරී ඝාතනය සිදුවූයේ පසුගිය ජූනි මාසයේය.
අයිමාන් අල් සවාහිරී ඝාතනය කළ බව ඇමෙරිකාව තහවුරු කළේ ඝාතනය සිදුවී පැය 48 ක් ගතවෙද්දීය. කෙසේ නමුත් අල් සවාහිරී කාබුල් නිවසක සිටි බව ඇෆ්ගන් තලේබාන් පාලකයන් තහවුරු කළේ නැත.
අල් කයිඩා සංවිධානය ද අල් සවාහිරී ඝාතනය සම්බන්ධයෙන් එම අවස්ථාවේ සිට මේ දක්වා නිහඬව සිටී.
අල් සවාහිරී වෙනුවට නව නායයකු පත් කර ගැනීමක් ද සිදු කර නැත. අල් කයිඩා ත්‍රස්තයන් මෙසේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද ඇමෙරිකන් බුද්ධි අංශ වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
430
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2198
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල් කයිඩා ත්‍රස්තවාදීන් නිහඬයි