
ඇමෙරිකාවේ ප්‍රහාරයක් සැලසුම් කළ, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත් වූ 17 හැවිරිදි දැරියක අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයෝ සමත් වූහ.
එෆ්.බී.අයි. පරික්ෂකයන්, මෙම දැරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පිලිඩෙල්පියා නගරයේය. පිලිඩෙල්පියා යනු පෙන්සිල්වේනියා ජනපදයේ වැඩිම ජනගහනයක් ඇති නගරයයි.
මෙම දැරිය මාස කීපයක් තිස්සේ අල් කයිඩා සංවිධානය සමඟ පණිවුඩ හුවමාරු කළ බවට එෆ්.බී.අයි. පරික්ෂකයෝ චෝදනා නගති. පරීක්ෂකයන් දැරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය ගැන විමසිල්ලෙන් පසුවීමෙන් අනතුරුවය.
අල් කයිඩා සංවිධානය කලක් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකිණි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට පහර දුන්නේ ද අල් කයිඩාවය. එදා අල් කයිඩාවට නායකත්වය දුන්නේ ඔසාමා බින් ලාඩන්ය.
ඇමෙරිකන් බුද්ධි අංශ සහ නේවි සීල් භටයන්, බින් ලාඩන් ඝාතනය කළේ 2011 වසරේදීය. ඒ වනවිට ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක සැඟජී ජීවත් වෙමින් සිටියේය.
බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා නායකයා ලෙස තෝරාගත් නායකයන් ද මරා දැමීමට ඇමෙරිකාව සමත් විය. අද අල් කයිඩාව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගැනෙන්නේ නැත. අද ප්‍රබලතම ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන්නේ ‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානයයි.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2074
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල් කයිඩාවට හවුල් 17 හැවිරිදි ඇමෙරිකන් දැරිය අත්අඩංගුවට