IMG-LOGO

අල් කයිඩාවට සහාය දෙන බටහිර රටවලට වන්දි ගෙවන්න වේවි

සිරියා රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන්ට සහාය වන අල් කයිඩා සටන්කාමීන් මෙහෙය වන බටහිර රටවලට නුදුරු අනාගතයේ දිනෙක ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි සිරියා ජනපති බෂීර් අල් අසාද් පවසයි.
අල් කයිඩා සංවිධානයට මුදල් ආධාර දෙමින් ලිබියාව විනාශ කිරීමට කටයුතු කළ අයුරින්ම සිරියාව අස්ථාවර කිරීමට බටහිර රටවල් කටයුතු කරන බව ජනපති අසාද් චෝදනා කරයි.
යුරෝපා රටවල් හා ඇමෙරිකාව සිදු කරන මෙම කි‍්‍රයාවන්ට නුදුරු අනාගතයේදී වන්දි ගෙවීමට සිදුවන බව ද ජනපති අසාද් අවධාරණය කරයි.
සිරියා ජනපති අසාද් මේ බව සඳහන් කළේ පෙරේදා(18) එරට අල් ඉක්බාරියා රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි.
සිරියා රජයට එරෙහිව සටන්වැද සිටින කැරැුලිකාර කණ්ඩායම්වලට තුර්කිය ඇතුළු අරාබි රටවල සහාය හිමිවීම කනගාටුවට කරුණක් බව කී ජනපති අසාද්, සටන්කාමී කණ්ඩායම්වලට සිරියාවට ඇතුළුවීමට ජෝර්දානය අවසරදී ඇති බවද පැවැසීය.
මේ අතර, සිරියා දේශසීමාබද කලාපයේ හමුදා මෙහෙයුම් සඳහා ඇමෙරිකා හමුදා භටයන් 200ක් ජෝර්දානයට එවීමට පියවර ගෙන ඇති බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල් කියයි.



අදහස් (0)

අල් කයිඩාවට සහාය දෙන බටහිර රටවලට වන්දි ගෙවන්න වේවි

දුවින්ද Saturday, 20 April 2013 12:31 PM

රටේ සිටින සියලු ජනතාව එකා මෙන් සමගියෙන් රට වෙනුවෙන් තම උතුකම් ඉටු කර එක තමයි කරන්නන ඕන දෙය. එතකොට හැමෝගෙම ජිවිතත් රැකෙනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 381 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 837 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site