IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අලිපැටවකු බේරාගැනීමට ගිය අලි 6ක් දියඇල්ලකට වැටී මරුට

තායිලන්තයේ කවු යායි ජාතික වනෝද්‍යානයේ  දිය ඇල්ලකට වැටුණු අලි පැටවකු බේරාගැනීමට ගිය අලි හය දෙනෙකු එහි වැටී මිය ගොස් ඇත.
 
තවත් අලි දෙදෙනෙකු එහි බෑවුමක කලබලයෙන් සැරිසරමින් සිටි බවත්, වනෝද්‍යානයේ නිලධාරීන් ඔවුන්ව වනයට එළවා දැමූ බවත් වාර්තා වේ.
 
හීව් නරෝක් නම් වන මෙම දියඇල්ල අපායේ ඇල්ල ලෙසින් තායිවැසියෝ හදුන්වති. මෙවැනි සිදුවීම් රැසක් මෙම දියඇල්ල හේතුවෙන් මින් පෙරද සිදුව ඇත. 1992දී දියඇල්ලට වැටුණු අලි 8ක් මිය ගියහ.
 
 අලි රංචුවක් දියඇල්ලේ ජලය ගලන මාර්ගයේ බාධකයක් නිර්මාණය වන සේ පේළියට සිටින බව වනෝද්‍යාන නිලධාරීන්ට ආරංචි වී ඇති අතර, පසුව අවුරුදු 3ක පමණ අලි පැටවකුගේ මළ සිරුරක්ද, තවත් අලි පස්දෙනෙකුගේ සිරුරුද පාවෙමින් තිබියදී සොයාගැනිනි.
 
තවත් අලි දෙදෙනෙකුගේ සිරුරු සොයමින් පවතින බවද බලධාරීහු පැවසූහ.
 
ශෝකය පළකිරීමේ සංඥා සන්නිවේදනය කරන සත්වයකු ලෙස අලි හැදින්වේ.
 
(බීබීසී ඇසුරිනි)
(16844)



අදහස් (0)

අලිපැටවකු බේරාගැනීමට ගිය අලි 6ක් දියඇල්ලකට වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site