ඉන්දියාවේ පැතිරෙන නව වයිරස උණ රෝගයක් ගැන එරට වෛද්‍යවරු බිය පළ කරති. ‘තක්කාලි උණ’ (ටොමැටෝ ෆීවර්) යන නමින් හැඳින්වෙන මෙම රෝගය, නව මාදිලියේ අත්, පා, මුඛ වයිරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් හඳුනා ගෙන තිබේ. මේ වනවිට කේරළ, ඔඩීෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් රෝගී වූ දරුවන් 200 කට වඩා වාර්තා වී ඇති බව පැවැසෙයි.
වයිරසය ආසාදිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් කුඩා තක්කාලි ගෙඩියක ප්‍රමාණයට ඒවා විශාල වීම හේතුවෙන් ඉන්දියානුවන් මෙම උණ රෝගය ‘තක්කාලි උණ’ ලෙස හඳුන්වන බව පැවැසෙයි.
සාමාන්‍ය අත්, පා, මුඛ රෝගයේදී මෙන්ම මෙම නව රෝගයේ ද රෝග ලක්ෂණ වන්නේ අධික උණ, උගුරේ ආසාදන, ඇඟපත කැක්කුම, සන්ධි ඉදිමීම, තෙහෙට්ටුවය. ඊට අමතරව, කුඩා දරුවන් අතරේ ඔක්කාරය, වමනය සනහ පාචනය ද දැකිය හැකිය.
අත්, පා, මුඛ රෝගය එන්ටරෝ වයිරස් නමැති වයිරස පවුලේ සාමාජිකයකු වන අතර, අවුරුදු 9 ට අඩු කුඩා දරුවන්ට ආසාදනය වන උණ රෝගී තත්ත්වයකි. ඉන්දියාවේ පැතිරෙන ‘තක්කාලි උණ’ එන්ටරෝ වයිරස් පවුලට එක්වන නවතම සාමාජිකයා යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.
අත්, පා, මුඛ රෝගයට හෝ එහි නව මාදිලිය ලෙස හඳුනා ගත් මෙම ‘තක්කාලි උණ’ සඳහා ද කිසිදු ඖෂධයක් නැත. රෝගය සමඟ බැක්ටීරියා ආසාදන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම්, ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.
‘තක්කාලි උණ’ පළමුවෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇත්තේ කේරළ ප්‍රාන්තයේ කොල්ලාම් නුවර අයත් කොල්ලාම් දිස්ත්‍රික්කයෙනි. ඒ, පසුගිය මැයි 6 වැනිදාය. අද වනවිට කේරළයේ අන්චල්, ආර්යන්කාවු සහ නෙදුවතූර් යන දිස්ත්‍රික්කවලට ද වයිරසය ව්‍යාප්ත වී ඇත. කොල්ලාම් දිස්ත්‍රික්කයෙන් පමණක් ‘තක්කාලි උණ’ රෝගී දරුවන් 82 ක් හමුවී ඇත. ඒ සියලු දෙනා අවුරුදු 5 ට අඩු දරුවන්ය.
කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වූ ජූනි සහ ජූලි මාස වනවිට ‘තක්කාලි උණ’ අසල්වැසි තමිල්නාඩුවටත්, ඔඩීෂා ප්‍රාන්තයටත් ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති. ඔඩීෂා ප්‍රාන්තයේ ‘තක්කාලි උණ’ ආසාදනය වී ඇත්තේ අවුරුදු 1 ත් 9 ත් දරුවන්ටය. දරුවන් 26 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි බුබනේෂ්වෝර් ප්‍රදේශීය වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් විදියේ අත්-පා-මුඛ රෝගයක් ඉන්දියාවේ