IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලූත් රාජකීය උරුමක්කරු ජෝර්ජ්

අලූත උපන් පුත් කුමරුන් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් නමින් නම් කරන බව විලියම් කුමරු සහ කේට් කුමරිය ඊයේ (25) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළහ.

විලියම් කේට් යුවළ මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඔවුන්ගේ නිවහන වන කෙන්සින්ටන් මාලිගයේ සිටය.

අලූත් පුත් කුමරුන් ද සමඟ ලන්ඩනයේ ශාන්ත මේරී රෝහලෙන් පිටවුණු විලියම් කේට් යුවළ කෙළින්ම ගියේ ද කෙන්සින්ටන් මාලිගයටය.

රජ පවුලට එක් වුණු නව සාමාජික ජෝර්ජ් කුමරු බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන තෙවැනි රාජකීයයා වෙයි. මේ පුංචි කුමරා කේම්බි‍්‍රජ් කුමරුන් ලෙස ද හැඳින්වෙයි. ඒ, විලියම් කුමරු සහ කේට් කුමරිය හැඳින්වීමට භාවිත කරන කේම්බි‍්‍රජ් ආදිපාදවරයා සහ ආර්යාව යන ගෞරව නාමවලට අනුවය.

ඉතිහාසය පුරා බි‍්‍රතාන්‍යය කිරුළට හිමිකම් කී ජෝර්ජ් යන නමින් හැඳින් වූ කුමරුන් තිදෙනකු සිටි බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දෙවැනි එලිසබත් මහ රැජින ද ඊයේ (25) අලූත උපන් කුමරුන් බැලීමට යෑමට නියමිතව සිටියාය. මහ රැජින කුමරුන් බැලීමට යන පළමු අවස්ථාව මෙය වනු ඇත.

කෙන්සින්ටන් මාලිගයේ සිටින කුමරුන් බලා ගැනීමේ කටයුතුවලදී කේට් කුමරියට ඇගේ මවගේ සහ නැගණිය පිපාගේ ද සහය ලැබෙනු ඇති බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් කියා තිබුණි.

කෙන්සින්ටන් මාලිගයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇත.

බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන මීළඟ උරුමක්කරු දියණියක වේවි යැයි බොහෝ දෙනා විශ්වාස කළහ.

ඊට හේතු වූයේ එක් අවස්ථාවක ගැබිනියක සිටි කේට් කුමරිය යෙහෙළියක් ඇයට දුන් තෑග්ගකට ඇය දැක් වූ ප‍්‍රතිචාරයකි.

කේට් කුමරිය දියණියක බිහි කරාවි යැයි බි‍්‍රතාන්‍ය ඔපාදුප සඟරා පවා විශේෂාංග ලිපි පළ කර තිබුණි.

ලන්ඩන් බුකිකරුවන් ඉතා ඉහළ ලංසු තබමින් ඔට්ටු ඇල්ලූවේ ද දියණියක බිහි වනු ඇතැයි කියාය. ඔට්ටු ඇල්ලීම සඳහා නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි.

බුකීකරුවන් ඔට්ටු අල්ලා තිබුණේ කේට් කුමරියට පුතකු උපන්නොත් ඔහු ජෝර්ජ් යන නමින් ද දුවක උපන්නොත් ඇය ඇලෙක්සැන්ඩ‍්‍රා යන නමින් ද හැඳින්වෙනු ඇති බවය.

වැඩි ඔට්ටු ලැබී තිබුණේ ඇලෙක්සැන්ඩ‍්‍රා සහ ජෝර්ජ් යන නම් දෙකටය. අවසානයේ දී ඉකුත් 22 වැනිදා කේට් කුමරිය පුත් කුමරකු බිහි කිරීමත් සමඟ ඔට්ටු ඇල්ලූ බොහෝ දෙනෙක් පරාජයට පත් වූ අතර එදින ඔවුන්ට සුබ දිනයක් නොවුණු බව ද පැවැසිණි.

කේට් කුමරියට පුත් කුමරකු ලැබෙන බවත් ඔහු ජෝර්ජ් යන නමින් නම් කරනු ඇති බවටත් කල්තියා ඔට්ටු ඇල්ලූ පිරිසට ඊයේ දිනය පී‍්‍රතිමත් දිනයක් වූ බව ද වාර්තා වේ.

දෙවැනි එලිසබත් මහ රැජින, කිරුළ දරා සිටින්නේ 50 දශකයේ සිටය. මහ රැජින හැරුණු කොට අලූතින් උපත ලැබූ පුත් කුමරා එසේත් නැතිනම් කේම්බි‍්‍රජ් කුමරු ද ඇතුළුව බි‍්‍රතාන්‍ය කිරුළ දැරීමට පෝලිමේ තව දෙදෙනෙක් සිටිති. ඒ අලූත් කුමරුගේ පියා විලියම් කුමරු සහ මුත්තනුවන් චාල්ස් කුමරුය. විලියම් කුමරුගේ බාල සොයුරු හැරී කුමරු සිටින්නේ දැන් සිව්වැනි ස්ථානයේය.

පුත් කුමරු ගැන පී‍්‍රතියට පත් වෙමින් විලියම් කුමරු කියා සිටියේ තම මව වූ ඩයනා කුමරිය අද ජීවතුන් අතර සිටියා නම් ඇය ඉමහත් පී‍්‍රතියට පත් වනු ඇති බවත් ඇය තම පුතුට හොඳ මිත්තනියක වනු ඇති බවත්ය. ඔහු මේ බව මාධ්‍ය හමුවේ කියා සිටියේ ඉතා හැඟීම් බරවය.

විලියම් කුමරුන්ගේ පියා චාල්ස් කුමරු මෙන්ම දෙවැනි එල්සබත් මහ රැජින ද රජ පවුලට එක් වුණු අලූත් පුත් කුමරා ගැන අතිශයින් පී‍්‍රතියට පත් ව සිටින බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.

ඉකුත් 21 වැනිදා බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු සිය කිරුළ පුතු පිලිප් කුමරුට බාර දුන්නේය. එපමණක් නොව, මේ වනවිට නෙදර්ලන්තයේ බියෙටි‍්‍රක්ස් රැුජින ද සිය කිරුළ පුතුට පවරා දී ඇත. 87 හැවිරිදි වියෙහි පසුවුවත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළුණත් තම කිරුළ, පුතු චාල්ස් ට පැවැරීමට දෙවැනි එලිසබත් මහ රැජින තවමත් සූදානම් නැත. එහෙත් ඇය ඇගේ නිල රාජකාරී බොහොමයක් චාල්ස් කුමරුට පවරා දී ඇත.

එලිසබත් මහ රැජින සිය කිරුළ චාල්ස් කුමරුට ලබා දුන්නොත් හෝ ඇගේ අභාවයෙන් පසු චාල්ස් කුමරුට කිරුළ හිමි වුවහොත් හෝ චාල්ස් කුමරු එය විලියම් කුමරුට පවරා දිය යුතු යැයි යන්න බි‍්‍රතාන්‍ය ජනතාවගේ අදහස වී ඇත.

 රජ පවුලේ අනන්‍යතාව රැක ගැනීමටත් එහි ජනපි‍්‍රයත්වය උදෙසාත් තරුණ රජකු හෝ රැජිනක බි‍්‍රතාන්‍ය රජ පවුලට අවශ්‍ය බවත් චාල්ස් කුමරු රැජිනගෙන් පසු කිරුළ බාර නොගෙන එය කෙළින්ම වැඩිමල් පුතු විලියම් කුමරුට පවරා දෙනු ඇති බවත් බොහෝ දෙනාගේ විශ්වාසයයි.

 කෙන්සින්ටන් මාලිගයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

 

අලූත් රාජකීය උරුමක්කරු ජෝර්ජ්

අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි

රාජකීය බබා ‍ කෙන්සින්ටන් මාලිගාවට යයි

රජෙක් උපන්නා...

රජ දරුවා ලැබෙන තුරු රෝහල ළග



අදහස් (0)

අලූත් රාජකීය උරුමක්කරු ජෝර්ජ්

සමන් Friday, 26 July 2013 08:53 PM

අලුත් බබාගේ රජකම හීනයක්. මම හිතන්නේ අලුත් බබාට තියා චාර්ල්ස්ටවත් රජ වෙන්ට පුලුවන්ද කියන එක හීනයක්.(අ)

:       0       0

ධනුෂ්ක Friday, 26 July 2013 09:36 PM

මේ බ්‍රිතාන්‍යයේ ඉන්න මිනිස්සුන්ට රජෙක් ඕනේ නෑ, එයාලට ඕනේ ජනාධිපති කෙනෙක් මේ දරුවා තුන් වැනියා රජකම් පෝලිමේ එත් එක දෙයක් පැහැදිලි මනුස්සයෙකුගේ ආයුෂ කාලේදී නම් රජකම ගන්න බෑ අර කාශ්‍යප රජතුමා වගේ ක්‍රමයකට ගියේ නැත්නම්, එත් ප්‍රර්ථනා කරනවා මේ දරුවට යථාර්තය තේරුම් ගන්න ශක්තිය ලැබේවා, රජෙක් කෙසේ වෙතත් ගෞරව කල හැකි මනුෂ්‍යත්වය හදුනන උගතෙකු වෙන්න ලැබේවා කියලා. (අ)

:       0       0

ුනර Friday, 26 July 2013 03:16 PM

අනුරාධපුර වෙල් යාය පාරේ ම සිරිපාලගේ දොන් සිරියාවතී ගේ පුත් කුමරුට දෙවැනි රාජසිංහ යන නම තබා රජයේ රෝහලින් පිට විය.(නදී)

:       0       0

උපාලි Saturday, 27 July 2013 01:27 AM

ඊජිප්තුවේ ෆාරුක් රජතුමා හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකළ වෙලාවේ කිව්වා, " ලෝකයේ අන්තිමට ඉතුරුවෙන්නේ රජවරු පස් දෙනයි. එංගලන්තේ රජුයි, බුරුව කුට්ටමේ රජවරු හතරදෙනයි විතරයි" කියලා. මේ කතාව තව සියවස් ගානකට වලංගුයි මගේ හිතේ. (නි)

:       0       0

ෆ්‍රැන්සි Friday, 26 July 2013 04:59 PM

වාසනාවන්ත පුත් කුමරෙක්.කිරුළට හිමිකම් කියන්නන්ගේ පෝලිමේ 3 තැන ලබා සිටින ඔබට සුදුසු වයසේදීම රජකම ලබේවා !! (නි)

:       0       0

චන්දා Saturday, 27 July 2013 04:36 AM

නම් ගම නොකියා මේ කියන්නේ මාලිගාව ගරා වැටිලා වල් බිහිවෙලා ආරක්ෂාවටත් තුන්දෙනයි ආයුධත් නැතිව. ලොකු සේවයක් කරන්න පුළුවන් එහෙ ගියානම් පුත් කුමරා වෙනුවෙන්. ආ ..ආ ... දරුවා බලාගන්න නම් බැරිවෙයි එකට කට්ටියක්ම දැනටමත් ඉන්නවා . (නි)

:       0       0

රූපවතී Friday, 26 July 2013 06:33 PM

මාලිගාව වටේ වල් බිහිවෙලානේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site