මැදපෙරදිග කලාපයේ වෙසෙන අරාබි ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස තම පාලකයන්ගෙන් කරන ඉල්ලීමට ගරු කර ඊට යහපත් ප‍්‍රතිචාර දැක්විය යුතු බව චීන අගමැති වෙන් ජියාබා ඕ ඊයේ(14) එරට පාර්ලිමේන්තු සැසිවාරයකදී කියා සිටියේය.
අරාබි වැසියන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස කරන ඉල්ලීමට ගරු කර අවංක විසඳුම් ක‍්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතු කළ යුතු බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කලාපයේ ඇති නැඹුරුව බලහත්කාරයෙන් උදුරා ගත නොහැකි බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
බටහිර රාජ්‍යයන් අරාබි වසන්තය නමින් හැඳින්වූ මැදපෙරදිග ජනතා නැගිටීම්වල ප‍්‍රතිපලයක් ලෙස සිරියාවේ ගැටුම් ආරම්භ වී වසරක් ගත වන මේ මොහොත වන විටත් දරුණු ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සිරියාවට එරෙහිව විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බටහිර රටවල් ඉදිරිපත් වූ අවස්ථාවේදී චීනය සිය නිෂේධ බලය භාවිතා කර එම තීරණය අවහිර කළේය. එහිදී චීනයේ ස්ථාවරය වූයේ සිරියාවට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බවය.
2025 නොවැම්බර් මස 04
26
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරාබි ජනතාවගේ ඉල්ලීම්වලට ගරු කළ යුතුයි