IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අර්බුදය විසඳන්න උතුරු කොරියාවෙන් කොන්දේසි රැසක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති සම්බාධක ඉවත් කර, දකුණු කොරියාව හා යුද අභ්‍යාස පැවැත්වීමෙන් වැළැකී සිටීමට ඇමෙරිකාව කි‍්‍රයාකරන්නේ නම් සාම සාකච්ඡා සඳහා තම රජය සූදානමින් සිටින බව උතුරු කොරියාව කියයි.
කොරියා අර්ධද්වීපය යුද්ධයකට යාමෙන් වළක්වා ගැනීම සඳහා උතුරු කොරියානු හමුදා ප‍්‍රධානීන් ඇමෙරිකාව හා දකුණු කොරියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී.
කෙසේ නමුත් මෙම සාකච්ඡුාවලට තමන් අවතීර්ණ වන්නේ තමනට පනවා ඇති සම්බාධ ඉවත් කිරීම, ඇමෙරිකා-දකුණු කොරියා යුද අභ්‍යාස නැවැත්වීම වැනි කොන්දේසි ගණනාවකට එකඟවුවහොත් පමණක් බව උතුරු කොරියාව අවධාරණය කරයි.
උතුරු කොරියාවේ මෙම කොන්දේසි ප‍්‍රතික්ෂේප කරන දකුණු කොරියාව පවසන්නේ න්‍යෂ්ටික අත්හදාබැලීම් නැවැත්වීමට උතුරු කොරියාව පියවර ගන්නේ නම් ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා සූදානම් බවයි.    
සාකච්ඡාවලට අවතීර්ණවීමට උතුරු කොරියාව ගත් තීරණය කොරියා අර්ධද්වීපය මුල් කරගෙන යුද්ධයක් ඇතිවීමේ අවදානම පහව යන බවට සුබ ලකුණක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.



අදහස් (0)

අර්බුදය විසඳන්න උතුරු කොරියාවෙන් කොන්දේසි රැසක්

වින්ත් Friday, 19 April 2013 05:22 PM

උතුරු කොරියාවේ බොරු කයිවාරු මිසක් වෙන දෙයක් නැහැ. දන්නවා ඉරාකෙට වෙච්ච දේ එයාලටත් වෙන බව. ඇමරිකාව වැඩිපුරම කරන්නේ යුද්දෙට ආයුධ හදන එක. ඇමෙරිකාවට ඕනෑ ඒවා ටෙස්ට් කරන්න. ඒකනේ හැමතැනම යුද්ධ වලටම අතගහන්නේ (නි)

:       0       0

කුසුම් Friday, 19 April 2013 05:24 PM

සතටුදායක ආරංචියක්, සාමය උදාවේවා! (නි)

:       0       0

ගාමිණී Friday, 19 April 2013 10:53 PM

සැලෙන්න එපා කිසිම දේකට. හිටපු ස්ථාවරයේම ඉන්න. (නි)

:       0       0

උදය Sunday, 21 April 2013 04:48 PM

වෙන රටක් ඔහොම කළා නම් ඩ්‍රෝන ගහනවා කියයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site