ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වැදී සිටින ත්‍රස්ත කණ්ඩායමේ නියොජ්‍ය නායකයා වන අබ්දුල් රහමන් මුස්තාපා මොහොමඩ් නොහොත් අබු අලා අල් අෆ්රි ඇමරිකාව ප්‍රමුඛ රටවල් මගින් එල්ල කරණ ලද ගුවන් ප්‍රහාරයකින් උතුරු ඉරාකයේදී මියගිය බව ඉරාක ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි
එහි ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් තශීන් ඉබ්‍රහිම් පැවසුවේ ඉරාකයේ තල් අෆාර් හි පල්ලියක දී රහමන්ට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර මරා දමා ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ස්ථිර වු නිවේදනයක් ඇමරිකානු හමුදා විසින් හෝ අයිඑස් මාධ්‍ය මගින් තවමත් නිකුත් කර නොමැත. මෑත සති කීපයේදී වාර්තා පලවුයේ අයිඑස් මෙහෙයුම් සඳහා අෆ්රි විසින් නායකත්වය දෙන බවයි.
ඉරාක ආරක්ෂක අංශ පැවසුවේ අයිඑස් නායකයාව සිටි අබු බක් අල් බැග්ඩාඩි ගේ බලයද පසුගිය මාර්තුවල දි ඒකාබද්ධ හමුදා මගින් ඉරාකයේ උතුරු ප්‍රදේශයේදී එල්ල කරණු ලැබු ප්‍රහාරයක් මගින් නැති කැර දැමූ බවයි.
අබ්දුල් රහමන් ගැන නිවැරදි තොරතුරක් ලබා දුනහොත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 70ක ත්‍යාග මුදලක් පිරිනමන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා තිබිණි
ජනරාල් ඉබ්රහිම් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අෆ්රි මරා දමන අවස්ථාවේදී ටෙල් අෆාර් අල් අයේදියා දිස්ත්‍රික්කයේ අල් ෂුහඩා මුස්ලිම් පල්ලියේ දී අයිඑස් හමුදා කණ්ඩායමක් සමග ඔහු සාකච්චාවක නිරතව සිට ඇති බවයි.
උතුරු ඉරාකයේ මෙකි නගරය අයිඑස් සටන් කාමින් විසින් 2014 ජුනි මාසයේදී තම අණසකට යටත් කර ගෙන තිබිණි. ඉරාක ආරක්ෂක අමාත්‍යාංශය විසින් අෆ්රි මරා දමන ආකාරය දැක්වෙන ගුවන් ප්‍රහාරයන්හි වීඩියෝ පටයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එස්. දෙවැන්නා මැරුණාදැයි සැකයක්
දුමින්ද Thursday, 14 May 2015 08:22 AM
කිරි පෙවූ සර්පයා අකීකරුවීම.(හේ)