IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අයි එස් ත්‍රස්ත ප්‍රහාර දෙකකින් 120 ක් මරුට: 250 කට තුවාල

දකුණු දිග පාකිස්තානයේ දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරය පසුගිය දින කිහිපය තුළ දකුණු ආසියානු කලාපයට එල්ල වූ ප්‍රහාර අතරින් ප්‍රබලතම එකක් යැයි විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම ප්‍රහාරයේ වගකීම මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි.  අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

ප්‍රහාරය එල්ල කර ඇත්තේ පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානයට හිතවත් කණ්ඩායමක් යැයි අයි.එස් සංවිධානය හා සම්බන්ධ පුවත් සේවයක් වන අමාක් පුවත් සේවය වාර්තා කරයි.

මියගිය සංඛ්‍යාව තවත් වැඩි වනු ඇතැයි ප්‍රහාරය එල්ල වූ දේවස්ථානය ආසන්නයේ තිබෙන රෝහලක සිටින පාකිස්තාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

“දැනටමත් මළ සිරුරු 72ක් හමු වී තිබෙනවා. මියගිය පිරිස තවත් වැඩි වෙන්න පුළුවන්. එකසිය පනහකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා” යැයි ෂබීර් සෙතාර් මහතා කියයි.

මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනකු මියගොස් 55 දෙනකු තුවාල ලබා ඇත.එම ප්‍රහාරයේ වගකීම ද අයි.එස් ත්‍රස්ත සංවිධානය බාරගෙන තිබිණි. 
 



අදහස් (0)

අයි එස් ත්‍රස්ත ප්‍රහාර දෙකකින් 120 ක් මරුට: 250 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site