IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අයිෆල් කුලුන යළි විවෘත කෙරේ

මාස 9 ක් තිස්සේ වසා දමා තිබුණු ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුන විෂබීජහරණයෙන් පසු යළි ජනතාවට විවෘත කර තිබේ.

ප්‍රංශයේ අභිමානය ලෙස සැලකෙන මෙම සුප්‍රකට ස්මාරකය වසා දැමීමට පැරිස් බලධාරීන් කටයුතු කළේ 'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙනි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අයිෆල් කුලුන මාස 9 ක් තරම් දීර්ග කාලයක් වසා දමා තිබුණු පළමු අවස්ථාව මෙය යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.

මීටර් 300 ක් උස මෙම ලෝක ප්‍රකට ස්මාරකය යළි විවෘත වී ඇත්තේ නරඹන්නන් 13,000 කට පමණි. මීට පෙර නරඹන්නන් 25,000 කට අවසර ලැබී තිබුණු බව පැරිස් බලධාරීහු පෙන්වා දෙති.

අයිෆල් කුලුන නැරැඹීමට ද අවසර හිමිවන්නේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් අයට පමණක් බව ද පැරිස් බලධාරීහු පවසති. ප්‍රංශය යුරෝපා රටකි.

යුරෝපා රටවල් රැසක් මේ වනවිට උත්සවශාලා, අවන්හල්, සිනමාහල් ආදිය සීමිත පිරිසකට විවෘත කර ඇති අතර, එම සීමිත පිරිසට අයත් වන්නේ එන්නත් මාත්‍රා ලබා ගත් අය යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අයිෆල් කුලුන යළි විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 690 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site