‘අයිසෙක්’ නමැති හරිකේන් සුළි කුණාටුව ඊයේ (28) ඇමෙරිකාවේ ලූවිසියානා, මිසිසිපි සහ ඇලබාමා යන ප‍්‍රාන්ත හරහා හමා යන්න විය. සුළි කුණාටුව ඇමෙරිකාව දෙසට ඇදී එන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ ජනපති බැරැක් ඔබාමා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේය. තද සුළං සමඟ මහ වැසි ඇද හැලීම නිසා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී ඇති බවත් වාර්තා වේ. මේ අතර සුළි කුණාටුව හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැස්වීම් කිහිපයක් අත්හිටුවීමට ද සංවිධායකයන්ට සිදුවූ බව වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘අයිසෙක්’ සුළි කුණාටුව ඇමෙරිකාවට කඩා වදී
සිල්වා Thursday, 30 August 2012 04:19 AM
මොනවා වුණත් අපේ රටවල් දිහා දෙවියන් බලනවා. (නි)
අමිල කටුනායක Thursday, 30 August 2012 07:27 AM
ඊළගට නිවුටන් එයිද දන්නේ නැහැ. (නි)