
අයර්ලන්ත ජනාධිපතිවරණයෙන්, විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කැතරින් කොනොලි සමත් වූවාය. ඇය අයර්ලන්ත ජනරජයේ 10 වැනි ජනාධිපතිනියයි.
ඇයට අභියෝග කළ ෆයින් ගේල් පක්ෂයේ හෙදර් හම්ෆ්‍රීස් පරාජය බාරගත් බව ද පැවැසෙයි. කොනොලි මනාප ඡන්ද 914,143 ක් (සියයට 63 ක්) දිනා ගත්තාය. එය අයර්ලන්ත ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් යැයි පැවැසෙයි.
ප්‍රධාන වාමාංශික පක්ෂවල සහය ලැබූ ස්වාධීන අපේක්ෂිකාවක වන කොනොලි, සිය විජයග්‍රාහී කතාවේදී පැවැසුවේ, තමන් සියලුම දෙනාගේ ජනාධිපතිනිය බවය. අයර්ලන්තයේ ගෝල්වේ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ඇය 2016 වසරේ සිට අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක ලෙස කටයුතු කරමින් සිටියාය.
ඇය සිය විජයග්‍රාහී කතාව ප්‍රථමයෙන් අයර්ලන්ත බසින් ද, පසුව ඉංග්‍රීසි බසින් ද සිදු කිරීම විශේෂත්වයකි.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයර්ලන්ත ජනාධිපති ධුරය කැතරින් කොනොලිට