IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අයර්ලන්තයෙත් මහමෙව්නාව අසපුවක්

අයර්ලන්තයේ ජිවත්වන බෞද්ධ සැදැහැවතුන්ගේ උත්සාහයක් මත මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින් නඟරයට ආසන්න නිසසල පෙදෙසක ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

අසපුව සඟ සතුකොට පුජා කිරීමේ උත්සවය මෙම මස 10 වැනි ඉරුදින පැවැත්වේ. නව අසපුව පිහිටියේ කිල්ඩෙයාර් ප්‍රාන්තයේ ප්‍රොස්පරස් නඟරයේ මේපල් ටෝෆ්ට්ස් ක්ලෝස් මාවතේ අංක 57 දරන ස්ථානයේය. පින්කමෙහි කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ කටුනේරියේ ධම්මදේව හිමි  ඇතුළු මහා සංඝ රත්නය වැඩමකරවීමට නියමිතය.

එදින සංඝගත දක්ෂිනාවක්ද පිරිනැමේ. දහවල් 12 සිට ධර්ම දේශනාව සහ සෙත් පිරිත් සජ්ජායනාව පැවැත්වේ.

අයර්ලන්තයේ බෞද්ධ විහාරස්ථානයක් හෝ අසපුවක් ආරම්භ කිරීමේ අදහසින් ශ්‍රී ලාංකිකන් 11 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පිහිටුවා ගෙන එමඟින් ඔවුනගේ පෞද්ගලික මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් පසුගිය මැදින් මාසයේදී ඩබ්ලින්,කොර්ක් සහ වෙක්ස්ඵර්ඩ් යන නඟර වල ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපු වාසි ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බව කමිටු සාමාජිකයකු පැවසීය.

නව අසපුවේ පැවැත්ම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන උපයාගැනීම සඳහා උපකාරිවිමට www.mahamevnawa.ag  හෝ  [email protected]  යන විද්‍යුත් ලිපිනයන්ගෙන් විස්තර ලබාගත හැකිය. 

MAHAMEVNAWA201646 MAhamevnawa3201646 Mahamevnawa4201646 Mahamevnawa5201646 mahamevnawa7201646 mahamevnawa8201646

 



අදහස් (0)

අයර්ලන්තයෙත් මහමෙව්නාව අසපුවක්

චාන්දනී කලුගම්පිටිය Monday, 11 April 2016 07:24 AM

සදහම් පණිවිඩය ලොව පුරා පැතිරේවා! බුදු සසුන බැබලේවා!! ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු අප සැමට අමා නිවන් සුව දුර නොවේවා මෙත් සිතින් (අ)

:       0       1

චතුර Wednesday, 06 April 2016 09:32 AM

ලාභයකි සැබවින්ම පින්වත ඔබට (හේ)

:       0       1

සුධර්මා Saturday, 16 April 2016 09:49 PM

අපගේ ගුරු දෙවිඳුන් විසින් අසරණ අප කෙරෙහි අනුකම්පාවෙන් නිමවන ලද එ් අමාපැන් පොකුණ පිරී ඉතිරී, ලොව පුරා සිටින සුපින්වත් මිනිසුන්ගේ දහම් පිපාසය සංසිඳවන අයුරු අප හද පිරි සොම්නසින් අසා, දැන දැක සතුටු සිතින් අනුමෝදන් වෙන්නෙමු. අප සියලු දෙනාට උතුම් ගුණධර්ම වැඩිදියුණු කරගැනීමට වීර්ය ලැබේවා! සාදු සාදු සාදු! මහමෙව්නා අසපු සංචිත චිරාත් කාලයක් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස පැවතේවා!!! (නි)

:       0       1

ප්‍රදීප් Wednesday, 06 April 2016 10:16 PM

රට රටවල අලුත් පන්සල් වීවෘත වන බව අසන්නට ලැබීමත් පිනකි. දහම් අසන්නට අවස්ථාවක් ලැබීමෙන් කුසල් සිත් ඇතිවේ. පස්පවින් වැළකීමට උපකාර වේ. (නි)

:       0       1

හරිශ්චන්ද්‍ර Wednesday, 06 April 2016 11:02 PM

ඉතා වටිනා පුණ්‍යකර්මයක්. (නි)

:       0       1

නදුන් Thursday, 07 April 2016 08:38 AM

සාදූ.. සාදූ.. සාදූ..සතුටු සිතින් අනුමෝදන් වෙමි. (හේ)

:       0       1

කෙනත් Wednesday, 06 April 2016 02:13 PM

සාදු සාදු ...පින් කැමති සියල්ලෝම අනුමෝදන් වෙත්වා..! සසුන බැබලේවා !! (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site