බ්‍රසීල ජාතික සොහොයුරන් දෙදෙනෙක් ඇමසන් ගංගාවේ ඉහළ බලා යාත්‍රා කරමින් සිටියේ පෙරදා ගගෙහි ඇටවූ උගුලට මසුන් සිරවී ඇත්දැයි සොයාබැලීමටය.
උගුලට ළගා වූ පසු අයියා සිය මලයාට ඔරුවට වී සෝදිසියෙන් සිටින්නැයි උපදෙස් දී ගගට බැස කිමිදුනේ ගං පත්ලේ සවිකර තිබූ උගුල පරීක්ෂා කර බැලීමටය.
අයියා දිය යට කිමිද සිටියදී ඔරුවේ හුන් මලයා සිටියේ අවට සිරි නරඹමිනි.හදිසියේම ඔහුගේ නෙත ගැටෙනුයේ ඔරුව අසළ ජලයේ රැළි නැංවෙන අන්දමයි.මේ නම් මාළුවකැයි සිතූ ඔහු තම අත තිබූ හාපූනය (ඇවිලූම් බිලිය) රැළි ඇතිවූ ස්ථානය ඉලක්ක කර විසි කරන්නේ අයියාට තමන්ටත් වැඩ පුළුවන් යැයි පෙන්වීමේ අරමුණෙනි.
හාපූනය නිවැරදි ඉලක්කය කරා ගියද අසුවුණේ මාළුවකු නොවේ.මතුපිටට පිහිනා එමින් සිටි අයියාය.ගං දියේ රැළි නැංවී තිබුණේ ඔහු මතුපිටට පිහිනා එමින් සිටි නිසාය.හාපුනය ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් තිබුණි.
වහ වහා අයියා ඔරුවට නංවා ගත් මලයා වෙහෙස නොතකා දින 2 ක් පුරාවට ඔරුව පැද අවසානයේ නගරයට පැමිණ ඔහු රෝහල් ගත කිරීමට සමත්ව තිබුනි.අයියාගේ මුහුණ පසා කරගෙන ගොස් තිබූ හාපූනය ඉවත් නොකිරීමට මලයා වගබලාගෙන තිබූ අතර වෛද්‍යවරුන් හමුවන විටදී අයියා සිටියේ දින 2 ක් පුරා ඇමසන් ගග තරණය කිරීමෙන් හා රුධිර වහනයෙන් පීඩාවට පත්වීය.
කඩිනම් ප්‍රතිකාර වලින් පසු දැන් ඔහු ක්‍රමයෙන් සුවය ලබමින් සිටිනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
16
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයියා බිලියට බිලිවේ
විමල් Tuesday, 09 April 2013 09:57 PM
පව් කරන්නා මෙළොවදීත් පරලොවදීත් තැවේ. (ස)
උපුල් Tuesday, 09 April 2013 12:02 PM
අනේ වාසනාවන් . අැස බේරුණු එක ලොකු දෙයක් . ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි. (ස)