පැරිස් ප්‍රහාරයේ පරීක්ෂණ සිදු කරමින් සිටි පොලිස් කණ්ඩායම් කිහිපයකට වෙඩි තබා තුවාල සිදු කළ නාදුනන වෙඩික්කරුවෙකු සොයා මේ වන විට බෙල්ජියම් පොලිසිය සහ ප්‍රංශ පොලිසිය මෙහෙයුම් දියත් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පහු ගිය නොවැම්බරයේ අයි එස් සටන්කාමීන් විසින් පැරිසියට එල්ල කල ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ මේ වන විට පැවැත්වෙයි.
එම පරීක්ෂණ අතරතුර බ්රුසල්ස් නගරය අවට ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
එම වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලැබූහ.
මේ වන විට එම නගරයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර සිද්ධිය සිදුවූ ස්ථානය අසල පාසල් දෙකක් වසා දමා තිබේ.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිඑස් ප්‍රහාරය ගැන සොයන පොලිසියට වෙඩි තබලා
ද සිල්වා බර්ලින් Sunday, 20 March 2016 10:38 PM
කොටින්ව හුරතල් කරනවාට මෙහෙම වෙලා මදි (නි)
මිලානෝ Wednesday, 16 March 2016 10:52 AM
ත්‍රස්තවාදය පිලිබඳ ප්‍රංශයේ නීති හරිම ලිහිල්. පසුගිය කාලයේ ත්‍රස්තවාදීන් යයි හොඳින්ම කිව හැකි සුළු ක්‍රියා කල බොහෝ දෙනෙක් පොලිසි වලට අසුවුනත් පසුව ඔවුන් ගැන වාර්තාවක් වත් තබා නොගෙන නිදහස් කරපු අවස්ථා වල ප්‍රතිපල තමයි දැන් භුක්ති විඳින්නේ. ප්‍රංශය පුද්ගල නිදහස මුලික කරගෙන කටයුතු කරන කිසිම ආගමකට බර නොවුන (සේකියුලර් ස්ටේට් ) රටක්. මෙවැනි නිදහස් රටක ත්‍රස්තවාදීන්ට විනාශකාරී ක්‍රියාවක් කිරීම අපහසු කටයුත්තක් නොවේ. (ර)