IMG-LOGO

අයිඑස් නායක ඝාතන මෙහෙයුමේ දී දෙදෙනෙක් අත්අඩංගුවට

ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිට මරු කැඳවූ මෙහෙයුමේදී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ නිලධාරියෙක් පැවැසීය. 

“මෙහෙයුම අතරවාරයේ දී පුද්ගලයන් දෙදෙනෙකු පණ පිටින් අල්ලා ගත්තා. ඔවුන් දැන් අත්අඩංගුවේ පසුවෙනවා” යැයි පෙන්ටගනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ හමුදා කාර්ය මණ්ඩලයේ සභාපති මාර්කි මිලී මහතා ඒ බව පැවැසීය.

“ඔවුන් දැන් ආරක්ෂිත ස්ථානයක රඳවාගෙන සිටිනවා” යැයි මිලී මහතා කීය. කෙසේ නමුත් ඔවුන්ගේ අනන්‍යතාව ඔවුන් හා අල් බැග්ඩෑඩි අතර තිබූ සම්බන්ධය කුමක් ද යන කරුණු සම්බන්ධයෙන් හෙතෙම තොරතුරු කිසිවක් අනාවරණය නොකළේය.

ඇමෙරිකා විශේෂ හමුදා පසුගිය සති අන්තයේ දී උතුරුදිග සිරියාවේ දී මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් අල් බැග්ඩෑඩිට මරණය ගෙනාවේය. බැග්ඩෑඩි වසර පහකට වැඩිකාලයක් අන්තවාදී කණ්ඩායමක් වූ ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට නායකත්වය දුන්නේය. ඇමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුම අතරවාරයේදී අයි.එස්. සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් ද මරණයට පත්වූහ. 

“ඇමෙරිකානු හමුදා අල් බැග්ඩෑඩි සැඟවී සිටින තැන සොයාගත්තා. ඔහු උමඟක සැඟවී සිටින බව සොයාගත් ඇමෙරිකානු හමුදා ඔහු සිටින ස්ථානයට ළඟා වුණා. ඒ අවස්ථාවේදී බැග්ඩෑඩි බෝම්බ කබාය පුපුරුවා ගත්තා” යැයි ද මිලී මහතා කීය. 

ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා අයි.එස්. නායකයාගේ සිරුරේ ඉතිරි කොටස් ආරක්ෂිත ස්ථානයකට යැවූ බවත් අනන්‍යතාව හඳුනා ගත් පසු ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවැසීය.

අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ සිරුරේ කොටස් මුහුදට දැමූ අයුරින්ම අයි.එස්. නායක බැග්ඩෑඩිගේ සිරුරේ කොටස් ද මුහුද දැමූ බව වාර්තා විය.

ඇමෙරිකානු හමුදා 2011 වසරේදී ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් පාකිස්තානයේ දී ඔසාමා බින් ලාඩන් මරුමුවට පත්විය. කෙසේ නමුත් මාර්ක් මිලී අයි.එස්. නායකයාගේ සිරුරේ කොටස් මුහුදට දැමූ බවට වාර්තා වූ පුවත්වල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකළේය. 

(ඒ.එෆ්.පී. ඇසුරිනි)

055

 



අදහස් (0)

අයිඑස් නායක ඝාතන මෙහෙයුමේ දී දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 703 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site