IMG-LOGO

අමෙරිකාව ලෙබනනයට දෙන ඩොලර් මිලියන 105ක ආධාර අත්හිටුවයි

ලෙබනනයට ලබාදෙන ඩොලර් මිලියන 105 ක ආරක්ෂක ආධාර අත්හිටුවීමට අමෙරිකානු රජය තීරණය කර ඇත.

ලෙබනන හිටපු අග්‍රාමාත්‍ය සාද් අල් හරීරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් දින දෙකකට පසු අමෙරිකාව මෙම තීරණය ගෙන තිබේ

කෙසේ වුවත් මෙම තීරණයට එලඹීමට බලපෑ නිශ්චිත හේතුවක් අමෙරිකානු රජය සඳහන් කර නැත

එරට ජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන නව රජයක් පිහිටුවීමට සහ දූෂණය අවසන් කිරීමට සහාය දක්වන මෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ලෙබනන දේශපාලන නායකයින්ට අවධාරණය කළේය.

ජාත්‍යන්තර ආධාර සම්බන්ධයෙන් ලෙබනනය මාස ගණනක් පුරා විදෙස් පරිත්‍යාගශීලීන් සමග වාද කරමින් සිටියි.

පසුගිය වසරේ පැවති පැරිස් සමුළුවේදී ලෙබනනයට ලබා දෙන බවට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 11 ක මුදල ලබාගැනීමට ද හිටපු අග්‍රාමාත්‍ය හරීරි මහතා අපොහොසත් විය. 

(රොයිටර්ස් ඇසුරෙනි)

 -226-



අදහස් (1)

අමෙරිකාව ලෙබනනයට දෙන ඩොලර් මිලියන 105ක ආධාර අත්හිටුවයි

CHANDIMA Saturday, 02 November 2019 01:37 AM

මළ ජූලියයි, අපටත් දෙන්නම්, දෙන්නම්, කියලා, අන්තිමේ නැවැත්තුවා කියයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 703 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site