IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අම්මලා දෙන්නයි : තාත්ලා දෙන්නයි

ළඳරු අවදියේදී පැහැර ගෙන ගිය දරුවකු අවුරුදු  විස්සකට පසු නැවත තම සැබෑ දෙමව්පියන් සමග එකතු වීමේ පුවතක් වාර්තා වන්නේ චීනයේ ගුවැන්සෝ නගරයෙනි. ඞී.එන්.ඒ ජාන පරීක්‍ෂණයක් මගින් සනාථ වූ පසු එම හමුව සිදු වී ඇත.

ෂියෝ ජී නම් ඔහු දැන් විසි එක් හැවිරිදි ශිෂ්‍යයෙකි. ඔහුට වයස අවුරුදු දෙකේදී පමණ මව්පියන් සමග සාප්පු සවාරි ගිය අවස්ථාවක ජාවාරම්කරුවකු විසින් පැහැරගෙන ගොස් අසල්වැසි පුජී ප‍්‍රාන්තයේ යුවළකට විකුණා ඇත. 

හුන්ග් ෂවුපින් සහ ලින් සන් නැමැති ඔහුගේ සැබෑ දෙමව්පියන් තම දරුවා සෙවීම නතර කර නොමැත. ඔවුන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කැර ඞී.එන්.ඒ වාර්තාද ඉදිරිපත් කර තිබේ. පසුව පොලිසිය දරුවා සොයා ගත්තේය.

දරුවන් නොමැති කම නිසා මිලඳී ගත් බවත්, දරුවා හොරෙන් රැගෙන ආ බවක් ඔහු නොදන්නා බවද ෂියෝ ජී මෙතෙක් හදා වඩාගත් පියා සඳහන් කළේය.

”මා හදා ගත්ත අම්මයි තාත්තයි ඇත්තටම ශ්‍රේෂ්ඨ අය. මට දැන් අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි. මම මේ දෙගොල්ලන් සමගම සබඳතා පවත්වනවා” යනුවෙන් ෂියෝ ජී පවසා තිබේ.

මෙම සිද්ධියෙන් පසු මෙවැනි සිද්ධී විශාල ප‍්‍රමාණයක් වාර්තා වූ බව එරට පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

අම්මලා දෙන්නයි : තාත්ලා දෙන්නයි

රොෂාන් Wednesday, 21 August 2013 11:48 PM

ලංකාවෙත් මෙහෙම දේවල් ඕනෑතරම් තිබෙනවා. නමුත් එලියට එන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site