අභ්‍යාවකාශ ගමන් ගැන උනන්දුවක් දක්වන්නන්ට ඉතාමත් දුර්ලභ වෙන්දේසියකින් ලෝකයේ වේගවත්ම රොකට්ටුව මිලට ගැනීමට අවස්ථාව සැලසි තිබේ.
මෙම රොකට්ටුවේ වේගය පැයට සැතපුම් 4310 ක් හෙවත් පැයට කිලෝ මීටර් 6900 කි. 1990 මුල් භාගයේදී ඇමරිකාවේ නාසා ආයතනය සහ රුසියානු නව ගුවන් යානා ඉන්ධන ආයතනය අතර ඇතිකරගත් ගිවිසුමකින් මේ රොකට්ටුව නිපැදවිණි.
වෙන්දේසියේ කළමනාකාර අධ්‍යක්ෂ මැක්ස් ගිරාඩෝ පවසන්නේ ඔවුන් විසින් අසාමාන්‍ය සහ විශේෂ වු වාහන විකිණූ බවයි. ඒ සියල්ලට ම වඩා මේ හයිපර්සොනික් රෝකට්ටුව විශිෂ්ඨ බව ඔහු කියයි.
මෙම විකිණීම මගින් වායුගෝලයේ කටයුතුවලට අදාල සිහිවටන එකතුකරන්නන්ට තම ජීවිතයේ එක වරක් පමණක් ලැබිය හැකි මහඟු අවස්ථාවක් උදාවනු ඇතැයි ඔහු පවසා තිබේ.
මෙම රොකට්ටුව ලන්ඩන් හි බැටර්සී උද්‍යානයේ දී සැප්තැම්බර් 8 වෙනිදින වෙන්දේසි කෙරේ. එය වෙනුවෙන් මිලක් නියම කර නොමැත. නමුත් මෙම රොකට්ටුව සඳහා ඉතිහාසගත ඉහළම මිලක් ලැබේය යන්න වෙන්දේසි කරුවන්ගේ විශ්වාසයයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අභ්‍යාවකාශ යානා වෙන්දෙසියට එයි
ලක්ෂපාන Saturday, 26 July 2014 09:50 AM
අධික වියදන් දරල ඇමරිකාව අටවපු රෝකොට්ටු වලින් කිසිම වැදගත් කමක් නැති නිසා වෙන්දේසි කරනවා වියදම හරි පියවා ගන්න. ඕක ගන්න මෙලෝ යකෙක් ඉදිරි පත් නොවේවී යැයි මගේ මතය. ඕක ගන්න කෙනෙක් නැති උනාම ලැජ්ජාවට එයාලාම තියාගෙන කව්රු හරි ලොකු මුදලකට ගත්තා කියයි බැරිවෙලාවත් යම් කෙනෙක් ඕක ගත්තොත් ලෝකේ ඉන්න ලොකුම මෝඩයා වෙන්නත් ඔහුට පුළුවන්. (නදී)
දොඩන්ගොඩ ලකී Saturday, 26 July 2014 10:44 AM
මෙය මිලදී ගැනිමට අපේ ලංකාවෙත් කිහිප දෙනෙකුට බැරි වන්නේ නැහැ (නදී)
සඳුන් පෙරේරා Friday, 25 July 2014 10:29 PM
අපේ රොකට්ලට ඕක ගන්න එක සුළු දෙයක්. රටට ආඩම්බරයක් (නදී)
පෙරේරා Saturday, 26 July 2014 01:33 PM
ඇයි අපේ අය ඉන්නේ (නදී)
නුවන් Saturday, 26 July 2014 06:14 AM
අපේ ඉන්නවනේ අභ්‍යාවකාශ තාක්ෂනය ඉගෙන ගන්න ධනවත් අය. එයා ගනියි ඕක (නදී)