IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අභ්‍යවකාශයට ආගන්තුකයෙක් ඇවිත්

ඉතා විශාල ආගන්තුක වස්තු සමූහයක් පෘථිවිය අවට අභ්‍යවකාශයේ දක්නට ලැබුණු බව තාරකා විද්‍යාඥයෝ කියති. එය වෙනත් පිටසක්වල ජීවී ශිෂ්ටාචාරයක් නිර්මාණය වන ලකුණු පෙන්වන බව ඔවුහු පවසති.

පෙන් ස්ටේට් සරසවියේ තාරකා විද්‍යාඥ ජේසන් රයිට් විශ්මයජනක තාරකා සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට යයි.

‘එය දැකීමෙන් මා විශ්මයට පත්වුණා. එය මොනතරම් උමතු වන දර්ශනයක් ද?‘ යනුවෙන් රයිට් පවසයි.

කෙප්ලර් දුරේක්ෂය මගින් වෙනත් ජීවීන් සිටින ග්‍රහලෝක නිරීක්ෂණයේදී මෙම වස්තු සමූහය දැක ගැනීමට හැකිවී ඇත.

වෙනත් ග්‍රහලෝකවල ඇති ආලෝක හා වෙනස්වීම් ආදිය පිළිබඳ කෙප්ලර් නිරන්තර සෝදිසියෙන් සිටිනවා. මේ වස්තු සමූහයේ ඇති එළිය හා එය විහිදෙන ආකාරය අනුව ග්‍රහලෝකයකින් විහිදෙන සාමාන්‍ය ආලෝකයක් නොවන බව විනිශ්චය කර ඇත.

‘මෙවැනි තරුවක් අප මීට පෙර දැක නෑ. අපි මුලින් සිතුවේ එය වැරදි දත්තයක් හෝ ගුවන් යානයක් නිසා සිදුවූ වෙනස්වීමක් බවයි. නමුත් ඒ සියල්ල පරීක්ෂා කළ පසු එවැන්නක් නොවන බව අප තීරණය කළා. එය බෙහෙවින්ම අස්වාභාවික වස්තුවක්.‘ යැයි යාලේ සරසවියේ ටාබේතා බොයැජියන් පවසයි.

කේඅයිසී 8462852 තාරකාව ලෙස නම් කර ඇති එය ක්ෂීර පථයේ සිග්නස් හා ලයිරා තාරකා රාශීන් අතර දක්නට ලැබුණු බව ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන තාරකා විද්‍යාඥයෝ කියති.

web_20151016Milkyway web-space_20151016

 

 



අදහස් (0)

අභ්‍යවකාශයට ආගන්තුකයෙක් ඇවිත්

යාපා Saturday, 17 October 2015 02:18 PM

මේ තරුව අපිට හානිකර එකක් වෙන්න බැරිද? (නි)

:       0       0

බුද්ධි Tuesday, 20 October 2015 08:32 AM

ඔබ හරියටම හරි චන්ද්‍ර .. මේ අය තාම බුදු දහමේ කියල තියන මුලික දේවල් වත් හොයාගෙන නැහැ ... ගොඩක් අය හිතන්නේ විද්‍යාව තමා දියුණුම දේ කියල ..(රේ)

:       0       0

චන්දු Saturday, 17 October 2015 03:28 AM

අදින් වසර 2600 ටත් අතීතයේදී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන හොයාගෙන ඒ ලෝක වල සිටින අය ගැන දැනගෙන එහෙට ගිහින් ධර්මය පවා දේශනා කලේ අපේ සම්මා සම්බුදු රජානන් වහන්සේ ඒගැන ඕනෙ තරම් බෞද්ධ ඉතිහාසයේ සාක්‍ෂි තිබෙනවා එය තමා සත්‍යය - අපේ කාලෙ කට්ටිය මේවා ගැන දන්නෙ නෑනෙ ඉතිං ඒකට්ටිය මෙහෙම දෙයක් දූරේක්‍ෂයකින් දැක්කහම මැජික් තමයි. (ර)

:       0       0

කමල් Friday, 16 October 2015 04:24 PM

අපි බලමුකෝ... (නි)

:       0       0

ඥානතිලක Sunday, 18 October 2015 12:32 AM

අපේ මන්දාකිනියේ තරු,,,එහෙම නැතිනම් සුර්යයන් 12,00,000 ක් තියනවා. මන්දාකිනියේ පළල ආලෝක වර්ෂ 100,000 ක් පිරිසියක හැඩයක් මේ මන්දාකිනිය ගන්නවා.එහි කේන්ද්‍රයට වඩා පරිධිය ආසන්නයේ ජීවින් හට ගන්නවා ...සුර්යාගේ විශාලත්වය....හා එහි සිට අදාල ග්‍රහලෝකයට ඇති දුර හා ගුරුත්වය මත ඇතිවන ජීවීන්ගේ..විශාලත්වය..තීරණය .වනවා..එනිසා අපිට වඩා කපාල අස්ථිය ලොකු..මොලය... ලොකු..හා මොලය වැඩි..ජීවින් සිටින්නට පුළුවන්..අැත්තටම මමත් පියාඹන පිරිසියක් වැනි වස්තුවක් දැක්ක කෙනෙක්...කැලනියේදී...මම දැන් ඉන්නේ විදේශයක. (බ)

:       0       0

අමල් Saturday, 17 October 2015 07:30 AM

ඉර පායනවා නේද.? (ර)

:       0       0

සපුමල් බණ්ඩාර Saturday, 17 October 2015 07:28 AM

පිටසක්වලින් වත් ඇවිත්ද.? (ර)

:       0       0

නුවන් Friday, 16 October 2015 08:55 PM

මෙය කුමක් වන්නට ඇද්ද? (නි)

:       0       0

උදය Saturday, 17 October 2015 09:26 AM

තවත් අධ්‍යනය කරන්න ඕනේ. (ර)

:       0       0

ගැලිලියෝ Tuesday, 20 October 2015 10:32 AM

ටිකක් වැඩි වුණාම මටත් තරු පෙනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site