
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත්, එම ඩ්‍රෝන යානා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය කියයි.
මෙම ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පැමිණිලි 3,000 කට වඩා තමන්ට ලැබී ඇතැයි එෆ්.බී.අයි. කාර්යාංශය පවසයි. ඒ අනුව, එෆ්.බී.අයි. කාර්යාංශයත්, ජාතික ගුවන් ගමන් අධිකාරියත්, ඇමෙරිකාවේ ‘හෝම්ලෑන්ඩ්’ ස්වදේශ ආරක්ෂක කටයුතු සේවය ද විමර්ශන පවත්වා ඇත. අබිරහස් ඩ්‍රෝනවලින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව ඔවුන් තහවුරු කර ඇතැයි ද ඇමෙරිකන් රජය පෙන්වා දෙයි.
මෙම අබිරහස් ඩ්‍රෝන යානා පළමුවෙන්ම දකින්න ලැබුණේ පසුගිය නොවැම්බර් 18 වැනිදා නිව් ජර්සි ප්‍රාන්තයට ඉහළින් රාත්‍රී සහ අලුයම් කාලයේය. ඩ්‍රෝන යානා තනි තනිව මෙන්ම පොකුරු වශයෙන් ද අහසේ සැරිසරන ආකාරය ජනතාවට දකින්න ලැබුණි. මේ සම්බන්ධයෙන් චීනයටත් ඉරානයටත් චෝදනා එල්ල වෙමින් පවතී. ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා කනස්සල්ල පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අබිරහස් ඩ්‍රෝනවලින් ආරක්ෂාවට තර්ජනයක් නෑ: