පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස්, දෝහා අගනුවරට ගොස්, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවිය.
ඊශ්‍රායල හමාස් අර්බුදයට මැදිහත් වී, සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය කැමැති කර ගැනීමට කටාරය උත්සාහ ගනී. ඒ, ඇමෙරිකාවේත් ඊජිප්තුවේත් මඟ පෙන්වීමෙනි.
පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති දෝහා ගියේ ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡාවලට මැදිහත් වීමටය.
හමාස් නායකයන් ද දෝහා පැමිණ සිටින අතර, ඔවුන් සහ අබ්බාස් අතරේ සාකච්ඡා පැවැත්වූ බවක් විදෙස් මාධ්‍ය වාර්තා කර නැත. අබ්බාස් නියෝජනය කරන්නේ ෆාටා සංවිධානයයි.
අබ්බාස් ප්‍රමුඛ පලස්තීන පාලන අධිකාරියේ බලය ඇත්තේ පලස්තීනුවන් ජීවත් වන බටහිර ඉවුරේය.
කටාර් රාජ්‍යය මැදිහත් වී සාම වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඊට හමාස් නායකයන් ඇතුළත් කළ කොන්දේසි පිළිගැනීම ඊශ්‍රායලය එක හෙලා ප්‍රතික්ෂේප කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අබ්බාස් කටාර් එමීර්වරයා හමුවෙයි