අත්අඩංගුවේ සිටින ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාර නොදෙන බවත්, ඔහුට එරෙහි නඩු විභාගය ලිබියාවේදීම පවත්වන බවත් ලිබියාවේ නව රජය අවධාරණය කරයි. ගඩාෆි පුතු මේ වනවිට ලිබියාවේ සින්ටාන් කැරැුලිකරුවන්ගේ අත්අඩංගුවේ පසුවෙයි. ඔහු සිරකර ඇති ස්ථානය රහසකි. ඉකුත් වසරේ ලිබියාවෙන් පැන යෑමට උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු අල්ලා ගනු ලැබුවේ ද සින්ටාන් කැරැුලිකරුවන් විසිනි. අල් ඉස්ලාම්, වහාම නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි එහි විනිසුරු මඬුල්ලක් ලිබියා නව රජයට නියෝග කළේ පසුගිය සතියේය. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ ලිබියා අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළේ යැයි සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව චෝදනා එල්ල කළේය. ජාත්‍යන්තර පොලිස් කොමිසම හෙවත් ඉන්ටර්පෝල් ආයතනය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කළේය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ලිබියා නායක ගඩාෆිටත්, බුද්ධි අංශ ප‍්‍රධානියාටත් චෝදනා සහ වරෙන්තු එල්ල කළ අවස්ථාවේදීය. අත්අඩංගුවට ගැනීමෙන් පසු අල් ඉස්ලාම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට යොමු කිරීමට තමන් කටයුතු කරන බවත් ලිබියා නව රජය පැවැසුව ද පසුව එම තීරණය වෙනස් විය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර ගඩාෆි පුතුට එරෙහි ලිබියාවේ නඩු පැවැරිය යුතු යැයි ලිබියා නව රජයේ අගමැති ධුරයට පත් වූ අබ්දුරාහීම් එල් කේයිබ් පැවැසීය. එම අවස්ථාවේදී අන්තර්ජාතික අපරාධ අධිකරණය ද ලිබියා රජයේ තීරණයට එකඟ විය. එහෙත් ඉකුත් නොවැම්බරයේ සිට මේ දක්වා තවමත් ගඩාෆි පුතුට එරෙහිව නඩු විභාගයක් පවත්වා නැත.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාධ අධිකරණයට ගඩාෆි පුතු බාරදීම ලිබියා රජය ප‍්‍රතික්ෂේප කරයි