IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අපට ඕනෑ දිගුදුර මිසයිල: යුක්රේන ජනපති

රුසියන් හමුදාවට එරෙහි සටනේදී, තම හමුදාවට‍ ඇති තරම් පතුරම් තොග බටහිර රටවලින් ලැබී ඇති බවත්, ඉදිරියට තමන්ට අවශ්‍ය වන්නේ දිගු දුර මිසයිල පද්ධති යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

යුක්රේන ජනාධිාපතිවරයා මෙසේ පවසා ඇත්තේ, ඩෙන්මාර්ක මාධ්‍යවේදීන් හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. “රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.
නේටෝ යවු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සංවිධානයකි. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම, තමන්ගේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව රුසියාවේ පිළිගැනීමය.

රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් සැණින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කළේ යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ සහ පතුරම් ලබා දීමෙනි. යුක්රේන හමුදාව, රුසියන් හමුදාව සමඟ සටන් වදින්නේ එම අවි ආයුධ සහ පතුරම් භාවිතයට ගනිමිනි.

මේ වනවිට රුසියාවේ විරෝධය මැද ඇමෙරිකාවෙන් මෙන්ම මහා බ්‍රිතාන්‍යයෙන් ද යුක්රේනයට දිගු දුර මිසයිල ලැබී තිබේ. මෙය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. යුක්රේන හමුදාවට එහ දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවේ ඉලක්කවලට පවා පහරදීම් කළ හැකිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අපට ඕනෑ දිගුදුර මිසයිල: යුක්රේන ජනපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 534 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site