IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන්

අනුන්ගේ කෘතිවලින් කොටස් කොපි කර, ව්‍යාජ ලෙස නිබන්ධනයක් පළ කර, ආචාර්ය උපාධිය ලබා ගත් බවට චෝදනා එල්ල වී, ජනතා අප‍්‍රසාදයට ලක් ව සිටි හංගේරියා ජනාධිපති පෑල් ෂ්මිට් ඊයේ (3) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ජනාධිපති ෂ්මිට්ට විරුද්ධව ජනතාව මෙහෙයවූයේ හංගේරියා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. නිබන්ධනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ පසුගිය දින කීපය පුරාම ජනපතිවරයාට එරෙහිව විරෝධතා රැුලි පැවැත්විණි. විරෝධතාකරුවන් ප‍්‍රශ්න කළේ නිබන්ධනයක් ව්‍යාජ අයුරින් සකස් කළ තැනැත්තකු සාධාරණ අයුරින් රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්නයි. ෂ්මිට්, එම නිබන්ධනය සකස් කර ඇත්තේ 1992 වසරේදීය. ජනපතිවරයාගේ එම ඉල්ලා අස්වීමෙන් පසු දින 30 ක් ඇතුළතදී නව ජනපතිවරයකු පත් කර ගත යුතුව ඇත. එතෙක් අන්තර්වාර ජනපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ කතා නායක ලස්ලෝ කෝවෝ කටයුතු කරනු ඇත. වසර 2010 දී බලයට පත් ෂ්මිට්, වත්මන් හංගේරියානු අගමැති වික්ටර්  ඕස්බෝන්ගේ ද සමීපතම මිතුරෙකි. ෂ්මිට් ආචාර්ය උපාධිය සඳහා පළ කළේ ඔලිම්පික් කී‍්‍රඩාවේ ඉතිහාසය නැමැති නිබන්ධනයයි. එහි වෙනත් කෘතිවල කොටස් ඒ අයුරින්ම ඇතුළත් කර ඇති බවට මුලින්ම චෝදනා කරමින් බුඩාපෙස්ට් නුවර සෙමෙල්ව්ට්ස් විශ්ව විද්‍යාලය, ෂ්මිට්ගේ ආචාර්ය උපාධිය අවලංගු කළේ ඉකුත් සිකුරාදා (30) ය.



අදහස් (0)

අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන්

සංජය Wednesday, 04 April 2012 10:25 AM

අපරාදෙ ලංකාවට ආවනම් නිබන්ධන නැතුව උපාදි ගන්න තිබුණා.

:       0       0

කලු සුදු Wednesday, 04 April 2012 12:08 PM

ලංකාවෙ සීයක් ගත්තොත් 95ක්ම හොර උපාධි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site